19- ධම්මට්ඨ වග්ගය

ධම්මපදය – 19-ධම්මට්ඨ වග්ගය
ධර්මයෙහි පිහිට කොටගෙන ජිවිතය පවත්වා ගැනීම පිළිබඳ වදාළ ගාථා දහහතකින් ධම්මට්ඨ වග්ගය සමන්විත යි.


19.1 න තේන හෝති ධම්මට්ඨෝ
යේන ත්ථං සහසා න යෙ
යෝච අත්ථං අනත්ථං ච
උභෝ නිච්ඡෙය්‍ය පණ්ඩිතො.
(ජේතවන – විනිසකරුවකු අරබයා )

විනිශ්චයකරුවා තර්කානුකූල විසඳූ පමණින් ඔහු ගේ තීරණය සාධාරණ නොවේ. දෙපසම කීම් එකසේ සලකා විසඳීම සාධාරණ වේ. 

19.2 අසාහසේන ධම්මේන
සමේන නයතී පරෙ,
ධම්මස්ස ගුත්තෝ මේධාවී
ධම්මට්ඨෝති පවුච්චති.
(ජේතවන – විනිස කරුවකු අරබයා)

යම් නුවණැත්තෙක් යුක්තියත් අයුක්තියත් දෙක නිශ්චය කොට, ඉක්මන් නො වී යුක්ති ධර්මයට අනුව පැමිණිලි විසන්දයිද, ධර්මය විසින් රක්නා ලද ඒ බුද්ධිමතා විනිශ්චය කාරයා යයි කියනු ලැබේ.

19.3 න තේන පණ්ඩිතො හෝති
යාවතා බහු භාසති
ඛේමී අවේරී අභයෝ
පණ්ඩිතෝති පවුච්චති.
(ජේතවන – ජබ්බග්ගිය භික්ෂුන් ඇරබ)

බොහෝ දේ කථා කළ පමණින් පණ්ඩිතයෙක් නොවේ. මනා ඉවසීමෙන් යුතු , දුශ්චරිත නැමැති වෛර නැති, අනුන්ට බිය නොඋපදවන පුද්ගලයා පණ්ඩිතයා ය යි කියනු ලැබේ.

19.4 න තාවතා ධම්මධරො
යාවතා බහු භාසති
යො ච අප්පමපි සුත්වාන
ධම්මං කායෙන පස්සති
ස වෙ ධම්මධරො හොති
යො ධම්මං නප්පමජ්ජති.
(ජේතවන – එකුදාන රහතුන් ඇරබ)

බොහෝ සේ කථා කළ පමණින් ධර්මධරයෙක් නො වේ. යමෙක් ස්වල්ප ධර්මයක් අසාගෙනත් නාම කයෙන් හෙවත් සිතින් ධර්මය දකී ද, යමෙක් ධර්මය පිළිපැදීමෙහි ප්‍රමාද නොවේ ද, හෙතෙම ධර්මධරයා නම් වේ.

19.5 න තේන ථෙරො හොති
යෙනස්ස පලිතං සිරො
පරිපක්කෝ වයො තස්ච්ස,
මොඝජිණ්ණෝති වුචචති 

(ජේතවන – ලකුණ්ඨක භද්දිය තෙරුන් අරබයා)

හිස කෙස් පැසුණු පමණින්ම  ස්ථවිර නමක් නොවේ. ඔහුගේ වයස මෝරා ගියා පමණි. ඔහුට හිස් මහල්ලා ය යි කියනු ලැබේ.

19.6 යමහි සච්චං ච ධම්මෝ ච,
අහිංසා සංයමෝ දමෝ,
ස වෙ වන්තමලො ධීරො
ථෙරො ඉති පවුච්චති.
(ජේතවන – ලකුණ්ඨක භද්දිය තෙරුන් අරබයා)

යමෙකු කෙරෙහි සත්‍යයත්, ලෝකෝත්තර ධර්මයත්, කරුණා මෛත්‍රිය  ආදියත්, කාය වාග් සංවරය ත් , ඉන්ද්‍රිය දමනයත් පිහිටියාහුද, වමාරා දැමූ කෙලෙස් කිලූටු ඇති ඒ නුවණැත්තා ස්ථවීර යයි කියනු ලැබේ.

19.7 න වාක්කරණමත්තේන
වණ්ණපොක්ඛරතාය වා
සාධුරූපො නරො හොති
ඉස්සුකී මච්ඡරී සඨො.
(ජේතවන – බොහෝ භිඬුන්  අරබයා)

අනුන්ට ඊර්ෂ්‍යා කරන, තද මසුරු වූ, කපටි වූ මිනිසා, හොබනා වචන කී පමණින් හෝ ශරීරයේ මනා වර්ණ සටහන් ඇති පමණින් හෝ යහපත් මිනිසෙක් නො වේ.

19.8 යස්ස චේතං සමුචඡින්නං
මූලඝච්චං සමූහතං,
ස වනතදෝසෝ මේධාවී
සාධු රූපොති වුච්චති.
(ජේතවන – බොහෝ භික්‍ෂුන්අරබයා )

යමෙකු විසින් ඊර්ෂ්‍යාමානාදිය මනා සේ සිඳ දමන ලද්දේ ද, මුලින් උදුරා නසන ලද්දේ ද, ඒ වමාරා දැමූ කෙලෙස් ඇති පණ්ඩිතයා සත්පුරුෂයෙකැ යි කියනු ලැබේ.

19.9 න මුණ්ඩකේන සමණො
අබ්බතො අලිකං භණං
ඉච්ඡා ලෝභසමාපන්නෝ
සමණෝ කිං භවිස්සති ?
(ජේතවන – හත‍ථක භික්‍ෂුවඅරබයා )

රකින ශීලයක් නැති බොරු කියන පුද්ගලයා හිස මුඩු කළ පමණින් මහණෙක් නො වේ. නොයෙක් දේ ලබන ආශාවෙන් හා ලැබූ දෙයට ඇලෙන ලෝභයෙන් යුතු පුද්ගලයා කෙ සේ නම් ශ්‍රමණයෙක් වේ ද?

19.10 යො ච සමෙති පාපානි
අණුංථූලානි සබ්බසො,
සමිත්තතා හි පාපානං
සමණො ති පවුච්චති.
(ජේතවන – හත‍ථක භික්‍ෂුව අරබයා )

යමෙක් කුඩා වූ අකුසල්ද මහත් වූ අකුසල්ද  හැම ආකාරයෙන්මැ  සංසිඳවයි ද, එසේ අකුසල් සංසිඳවූ බැවින් ශ්‍රමණ ය යි කියනු ලැබේ.

19.11 න තේන භික්ඛු හොති
යාවතා භික්ඛතෙ පරෙ
විස්සං ධම්මං සමාදාය
භික්ඛු හොති න තාවතා
(ජේතවන – බමුණකු අරබයා )

අනුන්ගෙන් පිඬුසිඟා ගත් පමණින් භික්‍ෂුවක් නොවේ.
දුගඳ හමන
(පිළිකුල් කටයුතු) දුශ්චරිතයන් හී යෙදී වසන පුද්ගලයා භික්‍ෂුවක් නො වේ.

19.12 යොධ පුඤ්ඤං ච පාපං ච
බාහෙත්වා බ්‍රහ්මචරියවා
සංඛාය ලෝකෙ චරති,
ස වෙ භික්ඛුති වුච්චති.
(ජේතවන – බමුණකු අරබයා )

මේ ලෝකයෙ හි යමෙක් පින් ද, පව් ද, දුරු කොට බ්‍රහ්මචර්යාවෙන් යුක්ත ව ස්කන්ධ ආදිය නුවණින් සලකා බලා හැසිරේ නම් හෙතෙම භික්‍ෂුවකැ යි කියනු ලැබේ.

19.13 න මොනෙන මුනි හොති
මුළභරූපො අවිද්දසු
යො ච තුලංව පග්ගය්හ
වරමාදාය පණ්ඩිතො….

19.14 ….පාපානි පරිවජ්ජේති,
සමුනී, තේන සො මුනි
යො මුනාති උභො ලෝකෙ
මුනී තේන පවුච්චති
(ජේතවන – තීර්ථකයකු අරබයා)

මුළා ස්වභාව ඇති අඥානයා කතා නොකොට හුන් පමණින් මුනි නම් නො වේ. යම් නුවණැත්තෙක් තරාදිය අතට ගත්තකු මෙන් කිරා බලා යහපත් දෙය රැගෙන අයහපත් අකුශලයන් දුරු කරයි ද, යමෙක් මෙලොව පරලොව දෙක ම අනිත්‍යාදී වශයෙන් පිරිසිඳ දනී ද ඒ කාරණයෙන් හෙතෙම මුණි ය යි කියනු ලැබේ.

19.15 න තේන අරියෝ හෝති
යේන පාණානි හංසති
අහිංසා සබ්බපාණානං
අරියෝති පවුච්චති.
(ජේතවන – වැදදකු අරබයා )

සත්වයන් හිංසා කිරීමෙන් ආර්යයෙකු නොවේ, හැම සතුනටම හිංසා නොකරන්නා, ආර්යයෙකැ යි කියනු ලැබේ.

19.16 න සලී බ්බතමත්තේන
බාහසු චෙචන වා පනු
අථ වා සමාධිලාභෙන
විවිචච සයනෙන වා

19.17 ඵුසාමි නෙක්ඛම්ම සුඛානි
අපුථුජ්ජන සෙවිතං,
භික්ඛු විසසාසමාපාදී
අප්පත්තෝ ආසවක්ඛයං
(ජේතවන – භික්ෂුන් අරබයා)

සිල් හා ධූතාංග පිරූ පමණින් හෝ, උගත්කම ඇති පමණින් හෝ, සමාධි ලැබූ පමණින් හෝ විවේකස්ථානයක විසූ පමණින් හෝ “මම පෘථග්ජනයන් ට නො ලැබිය හැකි කාමයන්ගෙන් වෙන්වීමේ සැපය ලබමි” යි තෘප්තියට නො පැමිණිය යුතු ය. ඒ භික්‍ෂු නම (ඒ තාක්) ආශ්‍රවක්ෂයට හෙවත් රහත් බව ට නො පැමිණියේ ය.

Devider

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: