17 කෝධ වග්ගය

ධම්මපදය – 17 කෝධ වග්ගය
ක්‍රෝධ වර්ගය ද්වේශය සහ දේවේශ සහගත සිතිවිලි නැති කරගැනීමේ වැදගත්කම විග්‍රහ කෙරෙන ගාථා දහහතරකින් සමන්විත යි.

17.01 කෝධං ජහේ, විප්පජහෙය්‍ය මානං,
සංයෝජනං සබ්බමතික්කමෙය්‍ය
තං නාමරූපස්මිං අසජ්ජමානං
අකිංචනං නානුපත්තති දුක්ඛා,
(නිග්‍රොධාරාම – රෝහිණි අරබයා )

ක්‍රෝධය දුරු කරන්නේ, මානය විශේෂයෙන් පහ කරන්නේ, කාම බැමි ආදී සියලූ සාංසාරික බැමි ඉකුත් කරන්නේ, නාම රූප දෙක්හී නො ඇලෙන, කෙලෙස් කරදර නැති ඒ පුද්ගලයා කරා දුක් නො පැමිණෙති.

17.02 යෝ වේ උප්පතිතං කෝධං
රථං භන්තංව ධාරයේ,
තම්හං සාරථීං බ්‍රෑමි,
රසමිග්ගාහෝ ඉතරෝ ජනෝ.
(අග්ගලාව – භික්ෂුවක් අරබයා )

දක්ෂ රථාචාර්යයකු නො මග ගිය රථයක් හසුරුවා ගන්නා සේ යමෙක් තමා තුළ හට ගත් ක්‍රෝධය,  හික්මවා ගනී ද, ඒ පුද්ගලයා නියම රියදුරෙකැයි කියමි. එ සේ සිත හික්මවා ගත නො හැකි පුද්ගලයා නිකමට තෝන් ලනුව අල්ලන්නෙකැ යි කියමි.

17.03 අක්කෝධේන ජිනේ කෝධං
අසාධුං සාධුනා ජිනේ
ජිනේ කදරියං දානේන
සච්චේන අලිකවාදිනං.
(වෙළුවන උත්තරා අරබයා)

ක්‍රෝධ කරන පුද්ගලයාට ක්‍රෝධ නො කිරීමෙන් ඔහු පැරදවිය හැකිය., හෙවත් ක්‍රෝධ නො කිරීමෙන් ක්‍රෝධය ජය ගතහැකිය. අසත්පුරුෂයා සත්පුරුෂ ගුණයෙන් පැරදවිය යුතු. තද මසුරා යම් යම් දේ දීමෙන් ජය ගත හැකිය. බොරු කියන්නා ඇත්ත කීමෙන් පැරදවිය හැකිය.

17.04 සච්චං භණේ න කුජ්ඣෙය්‍ය
දජ්ජාපපස්මිංපි යාචිතෝ
එතේහි තීහි ඨානේහි
ගච්ඡේ දෙවානසන්තිකේ. 
(ජේතවන – මුගලන් තෙරුන් අරබයා)

ඇත්ත කියන්නේ ය. අනුන්ට නොකිපෙන්නේ ය. තමා වෙත තිඛෙන දෙය ස්වල්ප වුවත් අනුන් ඉල්ලු කල් හී දිය යුතු ය. මේ කරුණු තුන පිළිපැදීමෙන් දෙවියන් සමීපයට යා හැකි ය
හෙවත් දෙව්ලොව ඉපදිය හැක.

17.05 අහිංසකා යේ මුනයෝ
නිච්චං කායේන සංවුතා
තෙ යන්ති අච්චුතං ඨානං,
යත‍්ථ ගන්ත‍වා න සෝචරේ.
(සාකේත – භික්ෂුන් අරබයා)

නිතර කායාදී දොරටු තුනෙන් සංවරයට පැමිණි අනුන්ට හිංසා නො කරන්නා වූ යම් ශ්‍රමණ කෙනෙක් වෙත් නම්, ඔවුහූ යම් තැනකට ගියෝ ශෝක නො කෙරෙත් නම්, ඒ ච්‍යුතවී යාමක් නැති නිවන ට පැමිණෙත්.

17.06 සදා ජාගරමානානං
අහෝරත්තානු සික‍්ඛිනං
නිබ්බාණං අධිමුත්තානං
අත‍්ථං ගචඡන්ති ආසවා.
(ගිජ්ඣකූට – පුණ්ණා දාසිය අරබයා)

කෙලෙස් නිදි නැති බැවින් හැම කල් හි ම පිබිද
සිටින්නා වූ දිවා රෑ දෙකෙ හි ශික්ෂා පිරීමෙ හි යෙදී සිටින්නා වූ නිවනෙහි නියැලී සිතැති භාවනානුයෝගීන් ගේ කාමාදී ආශ්‍රවයෝ විනාශයට යෙත්.

17.07 පොරාණමේතං අතුල,
නේතං අජ්ජතනාමිව
නින‍්දන්ති තුණ්හීමාසීනං
නින‍්දන්ති බහුභාණිනං
මිතභාණිම්පි නින‍්දන්ති
නත‍්ථී ලෝකේ අනින‍්දිතෝ.
(ජේතවන – අතුල උවසු අරබයා)

අතුලයෙනි, නින්දා කිරීම ත් ප්‍රශංසා කිරීම ත් බොහෝ පුරාණ එකකි. මෙය මෙ කල පමණක් සිදු වන්නක් නො වේ. නිශ්ශබ්ද ව හුන්නහුට නින්දා කරත්, බොහෝ සේ කතා කරන්නා ට ද නින්දා කරත්, ප්‍රමාණවත් කතා ඇත්තහුට ද නින්දා කරත්. ලෝකයෙ හි නින්දා නො ලබන්නෙක් නැත.

17.08 න චාහු, න ච භවිස්සති,
න චේ තරහි විජ්ජති
ඒකන්තං නින‍්දිතෝ පෝසෝ,
ඒකන්තං වා පසංසිතෝ.
(ජේතවන – අතුල උවසු අරබයා)

ඒකාන්තයෙන් හෙවත් හැම කල් හි නින්දා ලබන පුද්ගලයෙක් හෝ හැම කල් හී ප්‍රශංසා ලබන පුද්ගලයෙක් පෙර ද නො වී ය, අනාගතයෙ හි ත් නො වන්නේ ය, දැනුත් විද්‍යාමාන නො වේ.

17.09 යං චේ විඤ්ඤු පසංසන්ති
අනුවිච්ච සුවේ සුවේ,
අච්ඡිද්දවුත්තිං මෙධාවිං
පඤ්ඤාසීලසමාහිතං.
(ජේතවන – අතුල උවසු අරබයා)

කැඩී බිදී ගිය සිල් නැති බැවින් සිදුරු රහිත පැවතුම් ඇති භාවනා ප්‍රඥාවෙන් හා චතුපාරිශුද්ධි ශීලයෙන් යුක්ත වූ යමෙකුට දිනපතා විමසා බලා ප්‍රශංසා කෙරෙත්.

17.10 නෙක්ඛං ජම්බෝනදස්සේව
කෝ තං නින‍්දිතුමරහති?
දෙවාපි නං පසංසන්ති,
බ්‍රහ්මුනාපි පසංසීතො,
(ජේතවන – අතුල උවසු අරබයා)

ජම්මු ගංගා පෙදෙසෙ හි හට ගත් රනින් කළ කාසියක් වැනි (දොස් රහිත) ඔහුට කවරෙක් නින්දා කරන්ට සමර්ථ වේ ද? දෙවිවරුත් ඔහුට පසසත්, බ්‍රහ්මයා විසිනුත් හෙතෙම පසස්නා ලදී.

17.11 කායප්පකෝපං රක්ඛෙය්‍ය,
කායේන සංවුතෝ සියා
කායදුච්චරිතං හිත‍්වා
කායේන සුචරිතං චරේ.
(ඡබ්බග්ගිය භික්ෂුන් අරබයා)

කයින් කරන ප්‍රාණවධාදී පව්කම් දුරු කරන්නේ ය, කයින් සංවර ඇත්තෙක් වන්නේ ය. කාය දුශ්චරිතය (සතුන් මැරීම, සොරකම, කාම මිථ්‍යාචාරය යන තුන) අත්හැර කයින් සුචරිතයෙ හි හැසිරෙන්නේ ය.

17.12 වචීපකෝපං රක්ඛෙය්‍ය,
වාචාය සංවුතෝ සියා
වචීදුච්චරිතං හිත‍්වා
වාචාය සුචරිතං චරේ.
(ඡබ්බග්ගිය භික්ෂුන් අරබයා)

වචනයෙන් සිදුවන බොරු කීම ආදි පවින් වැළකෙන්නේ ය, වචනයෙන් සංවරයට පැමිණෙන්නේ ය, වාග්දුශ්චරිතය දුරු කොට බොරු නො කීම ආදී වාග් සුචරිතයෙහි හැසිරෙන්නේ ය.

17.13 මනෝපකෝපං රක්ඛෙය්‍ය,
මනසා සංවුතෝ සියා
මනෝදුච්චරිතං හිත‍්වා
මනසා සුචරිතං චරේ.
(ඡබ්බග්ගිය භික්ෂුන් අරබයා)

සිතට වැදගන්නා ඊර්ෂ්‍යා මානාදිය දුරු කරන්නේ ය. සිතින් සංවරයට පැමිණෙන්නේ ය. (පවිටු සිතුවිලිවල ට ඉඩ නො දීම සිත සංවර කිරීම යි) දැඩි ලෝභය ආදී මනෝදුශ්චරිතය දුරු කොට සිතින් සුචරිතයෙ හි හැසිරෙන්නේ ය.

17.14 කායේන සංවුතා ධීරා
අථෝ වාචාය සංවුතා,
මනසා සංවුතා ධීරා
තේ වේ සුපරිසංවුතා.
(ඡබ්බග්ගිය භික්ෂුන් අරබයා)

යම් පණ්ඩිත කෙනෙක් කයින් (දුශ්චරිත නො කිරීමෙන්) සංවරයට පැමිණියාහු ද, වචනයෙන් සංවරයට පැමිණියාහු ද සිතින් සංවරයට පැමිණියාහු ද, ඔවුහූ ඒකාන්තයෙන් මනා සංවරයට පැමිණියාහු වෙති.

Devider

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: