05 බාල වග්ගය

ධම්මපදය – 05-බාල වග්ගය.
ඇසුර සඳහා සුදුසු නො වන බාලයන් පිළිබඳ වදාළ උතුම් ගාථාවන් දහසයකින් බාල වග්ගය සමන්විත යි.

5.01 දීඝා ජාගරතො රත්ති
දීඝං සන්නස්ස යෝජනං
දීඝො බාලානං සංසාරෝ
සද්ධම්මං අවිජානතං.
(ජේතවනය – රාජ සේවකයෙකු ඇරබ)

නිදිවරන්නා ට රාත්‍රිය බොහෝ දික් වූවක් සේ වැටහේ.
වෙහෙස ට පත්වූවහු ට යොදුන දික් වූවක් සේ වැටහේ.
සද්ධර්මය නො දන්නා වූ අඥානයන් ට සංසාරය දීර්ඝ වේ.

5.02 චරං චේ නාධිගච්ඡෙය්‍ය
සෙය්‍යං සදිසමත්තනො,
ඒකචරියං දළ්හං කයිරා,
නත‍්ථී බාලේ සහායතා.
(සැවැත් නුවර – මහකසුප් තෙරුන් ගේ සහවාසිකයකු ඇරබ)

කල්‍යාණ මිත්‍රයෙකු සොයන්නෙකුට
තමා ට වඩා ගුණ ධර්මයෙන් උසස් අයෙක්
හෝ තමා ට සමාන ශීලාදිය ඇත්තෙක් නො ලැබේ නම්,
තනිව හැසිරීම ස්ථීර ලෙස කළ යුතු ය.
අඥානයන් හා මිත්‍රවීම යෝග්‍ය නැත.

5.03 පුත්තා මත‍්ථී, ධනම්මත‍්ථී
ඉති බාලෝ විහඤ්ඤති,
අත්තා හි අත්තනෝ නත‍්ථී,
කුතෝ පුත්තා? කුතෝ ධනං?
(සැවැත්නුවර – අනඳ සිටු ඇරබ)

නුවණ මද පුද්ගලයා මට දරුවෝ ඇත,
මට ධනය ඇතැ යි සිතමින් වෙහෙසෙයි.
තමා ගේ ශරීරයත් තමා ට අයිති නැති කොට,
අයිති වූ පුත්‍රයෝ කොයින් ද? ධනය කොයින් ද?

5.04 යෝ බාලෝ මඤ්ඤති බාල්‍යං
පණ්ඩිතෝ වාපි තේන සෝ,
බාලෝ ච පණ්ඩිතමානී
ස වේ බාලෝති වුච්චති.
(ජේතවනාරාමය – ගැටකපන්නන් දෙදෙනෙකු ඇරබ)

යම් නුවණ මද අයෙක් තමා ගේ අඥානභාවය දනී නම්
ඒ දැනීම නිසා ඔහු ට පණ්ඩිතයෙකැ යි කිව යුතු වේ.
(තමා අඥානයෙකු බව වටහා ගත හැක්කේ
ස්වල්පයක් හෝ නුවණ ඇත්තෙකුටය.)
තමා උගතෙකැ යි සිතා සිටින අඥානයාට
ඒකාන්තයෙන් ම මෝඩයා ය යි කියනු ලැබේ.

5.05 යාවජිවම්පි චේ බාලෝ
පණ්ඩිතං පයිරුපාසති
න සෝ ධම්මං විජානාති
දබ්බී සුපරසං යථා
(ජේතවනාරාමය – උදායි තෙරුන් ඇරබ)

අඥානයා ජීවිතාන්තය දක්වා
පණ්ඩිතයකු ආශ්‍රය කළත් ධර්මය දැන නො ගනී.
කුමක් මෙන් ද? සැමදා ම ව්‍යඤ්ජන හැදිගාන හැන්ද
ඒ ව්‍යඤ්ජනවල රසය නො දන්නාක් මෙනි.

5.06 මුහුත්තම්පි චේ විඤ්ඤු
පණ්ඩිතං පයිරුපාසති
ඛිප්පං ධම්මං විජානාති
ජීව්හා සුපරසං යථා.
(ජේතවන – පාඨෙය්‍යක භික්ෂුන් ඇරබ)

නුවණැත්තෙක් ස්වල්ප වේලාවක්වත්
පණ්ඩිතයෙකු ආශ්‍රය කෙරේ නම්
වහා ම ධර්මය දැන ගනී. කුමක් මෙන් ද?
දිව ව්‍යඤ්ජන රසය වහා දැන ගන්නාක් මෙනි.

5.07 චරන්ති බාලා දුම්මේධා
අමිත්තේනේව අත්තනා
කරොන්තා පාපකං කම්මං
යං හෝති කටුකප්ඵලං
(වේළුවනාරාමය – සුප්පබුද්ධ කුට්ඨි ඇරබ)

දෙලොව යහපත නොදත් අඥානයෝ
නපුරු විපාක ගෙන දෙන අකුශල කර්ම කරමින්
සතුරෙකු ට සමාන වූ ආත්මය (තමා) හා හැසිරෙත්.
(අකුසල් කරන්නා තමා ම තමා ට සතුරකු කර ගනී.)

5.08 න තං කම්මං කතං සාධු
යං කත‍්වා අනුතප්පති,
යස්ස අස්සුමුඛො රෝදං
විපාකං පටිසේවති.
(ජේතවනාරාමය – ගොවියෙකු ඇරබ)

යම් ක්‍රියාවක් කොට පසුතැවිලි වන්නේ ද,
කදුලූ සහිත මුහුණෙන් යුතු ව විදින්නට වේද?
එබඳු දේ නො කළ මැනවි.

5.09 තං ච කම්මං කතං සාධු
යං කත‍්වා නානුතප්පති,
යස්ස පතීතෝ සුමනෝ
විපාකං පටිසේවති.
(ජේතවනාරාමය – සුමන මාලාකාර ඇරබ)

යම් ක්‍රියාවක් කොට පසුතැවිල්ලට පත් නො වේ ද,
යම් ක්‍රියාවක විපාකය ප්‍රීතියෙන් හා සතුටින් යුක්තව විඳීන්නේ ද,
ඒ ක්‍රියාව කළ සැටි යෙහෙකි.

5.10 මධුවා මඤ්ඤතී බාලෝ
යාව පාපං න පච්චති
යදා ච පච්චති පාපං
අථ බාලෝ දුක‍්ඛං නිගච්ඡති,
(ජේතවනාරාමය – උපුල්වන් තෙරණිය ඇරබ)

යම් තාක් තමා කළ පවුකම විපාක නො දේ ද,
ඒ තාක් අඥානයා ඒ පව් කම මී පැණි සේ මිහිරි කොට සලකයි.
යම් කලෙක ඒ පාපය විපාක දේ ද
එකල් හී ඒ මෝඩයා දුක ට පැමිණෙයි.

5.11 මාසේ මාසේ කුසග්ගේන
බාලෝ භූඤ්ජේථ භෝජනං
න සෝ සංඛතධම්මානං
කලං අග්ඝති සෝළසිං. 
(ජේතවනාරාමය – ජම්බුක ආජීවක ඇරබ)

සත්‍ය නො දත් පුද්ගලයා මසකට වරක්
කුසතණ අගින් (තවරා) ගෙන ආහාර අනුභව කරයි.
හෙතෙම චතුස්සත්‍යාවබෝධය කළ රහතන් ගේ
දහසයෙන් කොටසක් පමණවත් නො අගනේ ය.

5.12 න හි පාපං කතං කම්මං
සජ්ජු ඛිරංව මුච්චති
ඩහන්තං බාලමේන‍වති
භසමච්ඡන්නෝව පාවකෝ. 
(වේළුවනාරාමය – අභිප්‍රේතයකු ඇරබ)

කළා වූ පාප කර්මය
(දෙන ගේ තනය අල්වා ඇදි විගස)
කිරි නික්මෙන්නා සේ වහා විපාක නො දේ.
ඒ පාපය අළුවලින් වැසී තිඛෙන
ගිනි අඟුරු සේ අඥානයා දවමින්
ඔහු පසුපස්සේ ගමන් කරයි.

5.13 යාවදේව අනත‍්ථාය
ඤත්තං බාලස්ස ජායති
හන්ති බාලස්ස සුක්කංසං
මුද්ධමස්ස විපාතයං,
(වේළුවනාරාමය – සට්ඨිකූට ප්‍රේතයා ඇරබ)

අඥානයා උගත් දෙය ඔහුට අනර්ථ පිණිස ම පවතී.
එය ඔහු ගේ නුවණ නැමැති හිස බිම හෙලමින්
කුසල් කොටස හෙවත් යහපත් ගුණ වනසයි.

5.14 අසතං භාවනමිච්ඡෙය්‍ය
පුරෙක්ඛාරං ච භික‍්ඛුසු
ආවාසේසු ච ඉස්සරියං
පුජා පරකුලේසු ච.
(ජේතවනාරාමය – සුධම්ම තෙරුන් ඇරබ)

අධික ආශා ඇති භික්ෂු නම තමා කෙරෙහි නැති ගුණයන්
තමනට ඇතැයි ජනයා  කරන ව
ර්ණනාව කැමතිවෙයි,
භික්ෂුන් අතරෙහි ප්‍රධානත්වය ද
පන්සල්වල අධිපතිකම ද
නොයෙක් පවුල් වලින් පුද පූජා ද ලබන්ට කැමති වෙයි.

5.15 මමේව කතමඤ්ඤන්තු
ගිහි පබ්බජිතා උභෝ,
මමේව අතිවසා අස්සු
කිච්චා කිච්චේසු කිසමිචි
ඉති බාලස්ස සංකප්පෝ
ඉච්ඡා මානෝ ච වඩ්ඪති.
(ජේතවනාරාමය – සුධම්ම තෙරුන් ඇරබ)

ගිහි පැවිදි දෙපක්ෂයම (විහාරස්ථානයේ)
වැඩකටයුතු සියල්ල මා විසින් කරන ලදැ යි හගිත් වා
කුඩා, මහත් කටයුතුවල දී මාගේ ම අවවාදය සොයත් වා! යි
මෙ සේ නුවණ මද පුද්ගලයා ගේ
කල්පනාව ද කැමැත්ත ද මානය ද වැඩේ.

5.16 අඤ්ඤා හි ලාභූපනිසා
අඤ්ඤා නිබ්බාණගාමිනී
එවමේතං අභිඤ්ඤාය
භික‍්ඛු බුද්ධස්ස සාවකෝ
සක්කාරං නාභින්නේදය්‍ය
විවේකමනුබ්‍රෑහයේ.
(ජේතවනාරාමය – තිස්සවනවාසික තෙරුන් ඇරබ)

ලාභ උපදවන මාර්ගය අනිකකි,
නිවන් යන මග අනිකකි,
යන මෙය මෙ සේ දැන
බුද්ධ ශ්‍රාවක වූ භික්ෂුතෙමේ
ලාභ සත්කාරවල ට ගිජු නො වෙයි, විවේකය වඩයි.

Devider

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: