01-යමක වර්ගය

January 1, 2011

ගාථා දෙක බැගින් වදාළ කොටස
යමක වර්ගය
යුගලය බැගින් ගලපා වදාළ ගාථා 20 කින් යුක්ත යි.

1.1.
මනෝපුබ්බංගමා ධම්මා –
මනෝසෙට්ඨා මනෝමයා,
මනසා චේ පදුට්ඨේන –
භාසති වා කරෝති වා,
තතෝ නං දුක්ඛමංවේති –
චක්කං’ව වහතෝ පදං

සෑම දේකටම  මුල්වෙන්නේ සිතයි .
සිතම තමයි ශ්‍රේෂ්ඨ වෙන්නෙ. සිතින්මයි උපදින්නේ.
අපිරිසිදු වූ සිතින් කරන දේට   ලැබෙන දුක් විපාක
ගොනාගේ පය අනුව  යන කරත්තයේ රෝදය මෙන්
ඔහු පසුපස ලුහුබදී.

(ජේතවන අසපුවේදී චක්ඛුපාල තෙරුන් අරභයා වදාළ ගාථාවකි.)

1.2
මනෝ පුබ්බංගමා ධම්මා-
මනෝ සෙට්ඨා මනෝමයා
මනසා චෙ පසන්නේන –
භාසතිවා කරෝති වා
ත‍තෝ නං දුක්ඛමන්වේති-
ඡායාව අනපායිනී.

සිත සිතිවිලිවලට පෙරටුවෙ සිත සිතුවිලිවලට ශ්‍රේෂ්ඨ වේ.
සිතුවිලි සිතින්ම උපදී. ඉතින් යමෙක් පහන්සිතින් යමක් කරයි නම් හෝ වේවා කියයිනම් හෝ වේවා ඒ හේතුකොටගෙන ඒ සැප විපාකය ඔහු පසුපස එන්නේ 
ඉවත්නොවී සැම විට ඔහු පසුපස යන සෙවනැල්ල මෙන්ය.

(ජේතවන අසපුවේදී මට්ටකුණ්ඩලී දිව්ය පුත්රයා අරභයා වදාළ ගාථාවකි.)

1.3
අක්කොච්ඡි මං අවධිමං-
අජිනි මං අහාසි මේ
යේ තං උපනය්හන්ති –
වේරං තේසං න සම්මති.

අසවලා මට බැන්නේය. අසුවලා  මට ගැසුවේය.
අසුවලා මා පැරදුවේය. අසුවලා  මා සතුදේ පැහැරගත්තේ’යැයි
වෛර බදින තැනැත්තාගේ වෛරය නොසන්සිදේ.
(ජේතවන අසපුවේදී ථුල්ලතිස්ස තෙරුන් අරභයා වදාළ ගාථාවකි.)

1.4.
අක්කොච්ඡි මං අවධිමං –
අජිනි මං අහාසි මේ

යේ තං න උපනය්හන්ති-
වේරං තෙසූපසම්මති.

අසුවලා මට බැන්නේය,අසුවලා  මට ගැසුවේය,
අසවලා මා පැරදුවේය, 
අසවලා  මා සතුදේ පැහැරගත්තේ’යැයි
වෛර නොබදින තැනැත්තාගේ වෛරය සන්සිදේ
.
(ජේතවන අසපුවේදී ථුල්ලතිස්ස තෙරුන් අරභයා වදාළ ගාථාවකි.)

1.05.
නහී වේරේන වේරානි –
සම්මන්තීධ කුදාචනං

අවේරේනච සම්මන්තී-
ඒස ධම්මෝ සනන්තනො.

වෛර බැදීමෙන් වෛරය නොසන්සිදේ,
වෛරය වෛර නොකිරීමෙන්ම සන්සිඳේ,
මෙය හැම කල්හිම නොවෙනස්වන දහමකි.
(ජේතවන අසපුවේදී කාළි යක්ෂණිය අරභයා වදාළ ගාථාවකි.)

1.06.
පරේ ච න විජානන්ති –
මයමෙත්ථ යමාමසේ

යේ ච තත්ථ විජානන්ති –
ත‍තෝ සම්මන්ති මේධගා.

කල කෝලහල කරන අය, අපි මේ කරන දෙයින්ම නැසෙන්නෙමු යැ’යි නොදැනම එසේ කල කෝලාහල කරති. යම් කෙනෙක් තමන්මැ මේ කල කොලාහලින්  නැසෙනබව දනිත් නම් ඒ හේතුවෙන් ඔවුන්ගේ කලහ සිත් සන්සිදෙයි.
(කොසැඹෑ නුවරදී කළහකාරී භික්ෂූන් අරභයා වදාළ ගාථාවකි.)

1.07.
සුභනුපස්සිං විහරන්තං –
ඉන්ද්‍රියේසු අසන්වුතං
භොජනම්හි අමත්තඤ්ඤුං –
කුසීතං හීනවීරියං
තං වේ පසහති මාරෝ-
වා‍තෝ රුක්ඛං ව දුබ්බලං.


රූපාදී සියළු අරමුනු ශුභ වසයෙන් ගනිමින්,
ඉන්ද්‍රිය සංවරයකුත් නැතිව,
කෑමෙහි පමන නොදැන,
කම්මලිව වීර්‍යය හීනව සිටින තනැත්තාට

ක්ලෙශ මාරයා  පහර දෙන්නේ
සුලග දුබල ගසක් උදුරා දමන්නාක් මෙනි.

(සේතව්ය නුවරදී චූලකාල, මහාකාල භික්ෂූන් අරභයා වදාළ ගාථාවකි.)

1. 08.
අසුභානුපස්සිං විහරන්තං –
ඉන්ද්‍රියේසු සුසංවුතං

භෝජනම්හි ච මත්තඤ්ඤුං –
සද්ධං ආරද්ධවීරියං

තං වේ නප්පසහති මාරෝ –
වා‍තෝ සේලං ව පබ්බතන්

රූපාදී අරමුනු අසුභ වසයෙන් ගනිමින් ඉන්ද්‍රිය සංවරය ඇතිව කෑමෙහි පමන දැන, සැදැහැවත්ව, පරිපූර්ණ වීර්‍යය ඇතිව සිටින පුද්ගලයා  මැඩලිමට ක්ලෙශ මාරයට නොහැකිවන්නේ  මහා පර්වතයක් සුලගට නොසෙල්විය හැක්කාක් මෙනි.
(සේතව්ය නුවරදී චූලකාල, මහාකාල භික්ෂූන් අරභයා වදාළ ගාථාවකි.)

1.09.
අනික්සාවෝ කාසාවං –
යෝ වත්ථං පරිදහෙස්සති

අපේ‍තෝ දමසච්චේන –
න සෝ කාසාවමරහති.

ඉන්ද්‍රිය දමනයෙන් හා සත්‍ය වචනයෙන්  තොරව,
කෙලෙස් කසල බැහැර  නොකොට,
කසාවතක් පොරවන තැනැත්තා
කිසිසේත්ම කසාවතක් දැරීමට සුදුසුනොවේ.
(රජගහ නුවරදී දේවදත්ත තෙරුන්අරභයා වදාළ ගාථාවකි.)

1.10.
යෝච වන්තකසාවස්ස –
සීලේසු සුසමාහි‍තෝ
උපේ‍තෝ දමසච්චේන  –
ස වේ කසවමරහති.

කෙලෙස් කසල බැහැ‍රැ කළ, මනාව සීලයෙහි පිහිටි,
ඉන්ද්‍රිය දමනයෙන් සහ සත්‍ය වචන කථා කිරීමෙන් යුක්ත තැනැත්තා ඒකාන්තයෙන්ම කසාවත දැරීමට සුදුසුවේ.

(රජගහ නුවරදී දේවදත්ත අරභයා වදාළ ගාථාවකි.)

1.11.
අසාරේ සාර මතිනෝ –
සාරේචා සාර දස්සිනෝ

තේ සාරං නාධි ගච්ඡන්ති –
මිච්ඡා සඩ්කප්ප ගෝචරා.


නිසරුදෙය සරු ලෙසත්,
සරු දෙය නිසරු ලෙසත් සිතන තැනැත්තෝ
වැරදි කල්පනවන්ට ගොදුරුව සරුදහම නොලබත්.

(වේළුවනාරාමයේදී සංජය පිරිවැජියා අරභයා වදාළ ගාථාවකි.)

1.12.
සාරං ච සාර‍තෝ ඤත්වා –
අසාරංච අසාර‍තෝ

තේ සරං අධිගච්ඡන්ති –
සම්මා සඩ්කප්පගෝචරා.

(වේළුවනාරාමයේදී සංජය පිරිවැජියා අරභයා වදාළ ගාථාවකි.)

සරු දෙය  සරු ලෙසත්,
නිසරු දෙය  නිසරු ලෙසත්,
දැන නිවැරදි ව සිතන්නට  දන්නාවූ  අය
සරු ඵල ලබයි.

1.13.
යථා අගාරං දුච්ඡන්නං –
වුට්ඨි සමතිවිජ්ඣති

ඒවං අහාවිතං චිත්තං –
රාගෝ සමතිවිජ්ඣති.

හොදින් සෙවිලි නොකල ගෙය
වැස්සෙන් තෙමෙන්නාක්මෙන්

භාවනා කිරීමෙන්, රාගය නොමැඩු,
නොවැඩූ සිත,
රාගය නිසා සිදුරුව විනිවිදයයි.

(ජේතවනාරාමයේදී නන්ද තෙරුන් අරභයා වදාළ ගාථාවකි.)

1.14.
යථා අගාරං සුච්ඡන්නං –
වුට්ඨී න සමතිවිජ්ඣති

ඒවං සුභාවිතං චිත්තං –
රාගෝ න සමතිවිජ්ඣති

හොදින් සෙවිලිකළ ගෙය වැස්සෙන් නොතෙමෙන්නාක් මෙන්
භාවනා කිරිමෙන් රාගය මැඩූ සිත, රාගය නිසා සිදුරු නොවෙයි.
විනිවිද නොයයි.

(ජේතවනාරාමයේදී නන්ද තෙරුන් අරභයා වදාළ ගාථාවකි.)

1.15.
ඉධ සෝචති පෙච්ඡ සෝචති –
පාපකාරී උභයත්ථ සෝචති

සෝ සචති සෝ විහඤ්ඤති –
දිස්වා කම්මකිලිට්ඨමත්තනෝ

පව් කරන්නා මෙලොවත් ශෝක කරයි.
එලොවත් ශෝක කරයි.
දෙලොවම ශෝක කරයි.
ඔහු තමාගේ කිලිටි කර්ම දැක ශෝකකරයි.
වෙසෙසින්ම පෙලෙයි.

(ජේතවනාරාමයේදී චුන්ද සූකරික නම් ඌරුවැද්දා අරභයා වදාළ ගාථාවකි.)

1.16.
ඉධ මෝදති පෙච්ඡ මෝදති –
කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති

සෝ මෝදති සෝ පමෝදති-
දිස්වා කම්ම විසිද්ධිමත්තනෝ.
..

පින්කල තැනැත්තා මෙලොවත් සතු‍ටුවේ.
පරලොවත් සතු‍ටුවේ. දෙලොවමත් සතු‍ටුවෙයි.
ඔහු තමාගේ කුසල කර්ම දැක සතු‍ටුවෙයි.
වැඩි වැඩියෙන් සතු‍ටුවේ.

(ජේතවනාරාමයේදී ධම්මික උපාසකතුමා අරභයා වදාළ ගාථාවකි.)

1.17.
ඉධ තප්පතී පෙච්ඡ තප්පතී –
පාපකාරි උභයත්ත තප්පති

පාපන් මේ කතන්ති තප්පති-
භිය්‍යෝ තප්පති දුග්ගතිං ග‍තෝ.
..

පව් කරන්නා මෙලොවත් තැවෙයි.
පරලොවත් තැවෙයි. දෙලොවමත් තැවෙයි.
මා විසින් පව් කරන ලදැයි සිතා තැවෙයි.
ඒ නිසා දුගතියක උපදියැයි දැන වැඩි වැඩියෙන් තැවෙයි.

(ජේතවනාරාමයේදී සුමනා සිටුකුමරිය අරභයා වදාළ ගාථාවකි.)

1.18.
ඉධ නන්දති පෙච්ඡ නන්දති –
කතපුඤ්ඤෝ උභයත්ත නන්දති

පුඤ්ඤං මේ කතන්ති නන්දති –
භිය්‍යෝ නන්දති සුග්ගතිං ග‍තෝ..
.

පින්කළ තැනැත්තා මෙලොවත් පරලොවත් සතු‍ටුවෙයි.
මා විසින් පින් කරන ලද්දේයයි සිතා සතු‍ටුවේ.
ඒ නිසා සුගතියක උපදියයි.
වැඩිවැඩියෙන් සතු‍ටු වෙයි.

(ජේතවනාරාමයේදී සුමනා සිටුකුමරිය අරභයා වදාළ ගාථාවකි.)

1.19.
බහුම්පි චේ සහිතං භසමානෝ –
න තක්කරෝ හෝති නරෝ පමත්තෝ

ගෝපෝව ගාවෝගණයං පරේස –
න භගවා සාමඤ්ඤස්ස හෝති.
..

යමෙක් තුන්පිටකය ඉගෙන බොහෝ දෙනාට බන කියතත්
තමා ඒ  ධර්මය නොපිළිපදින්නේ නම්,
පමාවූ ඒ තැනැත්තා
අනුන්ගේ ගවයන් රකින්නාවූ ගොපල්ලෙකු මෙන්
මහනකමේ ඵලය නොලබයි.

(ජේතවනාරාමයේදී යහළු තෙරුන් දෙනමක් අරභයා වදාළ ගාථාවකි.)

1.20.
රාගං ච දොසං ච පහාය මෝහං –
සම්මප්පජානෝ සුවිමුත්තචිත්තෝ

අනුපාදියානෝ ඉධවා හුරංවා –
ස භගවා සාමඤ්ඤස්ස හෝති

ත්‍රිපිටක ධර්මයෙන් ඉතා ස්වල්පයක් හෝ දේසනා කරන තැනැත්තා ධර්මයට අනුව පිලිපදියි නම්,
ඔහු රාගයද මෝහයද ප්‍රහීනකොට,
මනා නුවනින් යුතුව මනාව මිදුනු සිතින් යුක්තව,
මෙලොව හෝ පරලොව හෝ කිසිවක් අල්ලා  නොගෙන වසත් නම්
හේ මහනකමේ ඵලයට හිමිකරුවෙක්වෙයි.
(ජේතවනාරාමයේදී යහළු තෙරුන් දෙනමක් අරභයා වදාළ ගාථාවකි.)

යමක වග්ගය නිමි

Devider

Advertisements

02 අප්පමාද වග්ගය

December 31, 2010

 ධම්මපදය – 02 අපමාද වග්ගය.
කුසල් වැඩීමෙහිලා තිබිය යුතු අප්‍රමාදී බව පිළිබඳ වදාළ උතුම් ගාථාවන් දොළසකින් සමන්විත යි.

2.1. “අප්පමාදෝ අමතපදං –
පමාදෝ මච්චුනෝ පදං,
අප්පමත්තා න මීයන්ති –
යේ පමත්තා යථා මතා”
කුශල ක්‍රියාවන් හි ප්‍රමාද නො වීම හෙවත් නො පසුබට වීම, නිවණ ලැබීමට හේතු වෙයි. කුශල ක්‍රියාවන් හි ප්‍රමාද වීම හෙවත් අකුශල ක්‍රියාවන් හී යෙදීම මරණය ට හෙවත් සසර නැවත නැවත ඉපදීම ට හේතු වෙයි. ප්‍රමාදී නො වූවෝ නො මැරෙත්. ප්‍රමාදී වූවෝ මළවුන් වැනිය හ. 
(නො පමාවූවෝ මරණයක් නැති තත්වය ට පැමිණෙති. පමා වූවෝ ඒ තත්තවය ට නො පැමිණ නැවත මරණය ට පත් වෙති.)

2.2. “ඒතං විසේසතෝ ඤත්වා –
අප්පමාද්ම්හි පණ්ඩිතා,
අප්පමාදෝ පමෝදන්ති –
අරියානං ගෝචරේ රතා”
ආර්යයන් (බුදු -පසේ බුදු -රහතුන්)
නිතර ආශ්‍රය කරන,
සතිපට්ඨානාදි ධර්මයන් හි ඇලුනා වු,
නුවණැතෝ අප්‍රමාදයෙහි ඇති මේ කාරණය
විශේෂයෙන් දැන අප්‍රමාද වෙත් (නිස්සරණ අධ්‍යාශයේ යෙදෙත්.) 

2.3. “තේ ඣායිනෝ සාතතිකා –
නිච්චං දළ්හපරක්කමා,
ඵුසන්ති ධීරා නිබ්බානං –
යෝගක්ඛේමං අනුත්තරං”
ධ්‍යාන වඩන්නා වූ,
නිරතුරු පැවති වීර්යයෙන් හා
දැඩි උත්සාහයෙන් යුක්ත වූ
ඒ නුවණැත්තෝ
කාමබන්ධනාදි බන්ධනයන්ගෙන් නිදහස් වූ
අත්‍යුත්තම වූ නිවණ ලබත්.

2.4. “උට්ඨානවතෝ සතිමතෝ –
සුචිකම්මස්ස නිසම්මකාරිනෝ,
සඤ්ඤතස්ස ච ධම්මජීවිනෝ –
අප්පමත්තස්ස යසෝ’භිවඩ්ඪති”
නො පසුබට වීර්ය ඇති,
පව් නො කිරීම ට හා කුසල් කිරීමට පිහිටුවාගත් සිහිය ඇති,
කයින් වචනයෙන් සිතින් නිදොස් දෙය කරන්නා වූ,
නුවණින් විමසා ක්‍රියා කරන්නා වූ,
හික්මවා ගත් කායකර්මාදිය ඇති,
ධාර්මික ව ජීවත්වෙන්නා වූ,
අප්‍රමාදී පුද්ගලයා ගේ කීර්තිය වැඩේ.

(වේළුවනාරාමයේදී කුම්භඝෝෂක අරභයා වදාළ ගාථාවකි.)

2.5. “උට්ඨානේනප්පමාදේන –
සඤ්ඤමේන දමේන ච,
දීපං කයිරාථ මේධාවී –
යං ඕඝෝ නාභිකීරති.”

පණ්ඩිතයා නො පසුබට වීර්යයෙන් ද අප්‍රමාදයෙන් ද කය වචන දෙක හික්මවන ශීලයෙන් ද ඇස් කන් ආදී ඉන්ද්‍රියයන් මැඩ පැවැත්වීමෙන් ද ගං වතුරෙන් යට නො වන දූපතක් සාදන්නේ ය. 
(සත්ත්වයා යට කරන සැඩ පහර නම් කාම-භවදෘෂ්ටි- අවිද්‍යා යන සතර යි. ඒ කාමාදි සැඩපහරවලින් යට නො වන දූපත නම් නිවණ යි.)

(වේළුවනාරාමයේදී චුල්ලපන්ථක තෙරුන් අරභයා වදාළ ගාථාවකි.)

2.6. “පමාදමනුයුඤ්ජන්ති –
බාලා දුම්මේධිනෝ ජනා,
අප්පමාදඤ් ච මේධාවී –
ධනං සෙට්ඨං’ව රක්ඛති”
අඥාන වූ නපුරු අදහස් ඇති මිනිස්සු ප්‍රමාදයෙ හි යෙදෙත්.
නුවණැති පුද්ගලයා උසස් ධනයක් මෙන් අප්‍රමාදය රකී.

(ජේතවනාරාමයේදී නැකැත් ක්‍රිඩාවක් අරභයා වදාළ ගාථාවකි.)


2.7. “පමාදං අප්පමාදේන –
යදා නුදති පණ්ඩිතෝ,
පඤ්ඤාපාසාදමාරුය්හ –
අසෝකෝ සෝකිනිං පජං,
පබ්බතට්ඨෝ’ව භුම්මට්ඨේ –
ධීරෝ බාලේ අවෙක්ඛති”
යම් කලෙක නුවණැත්තා අප්‍රමාදයෙන් ප්‍රමාදය දුරු කරයි ද,
ශෝක රහිත වූ වීර්යවත් වූ හෙතෙම
ප්‍රඥා නමැති ප්‍රාසාදයට නැගී
ශෝක සහිත වූ අඥාන වූ සත්ත්ව සමූහයා දෙස බලයි
(කවරෙකු මෙන් ද?) පර්වතයකට නැගි මිනිසෙක්
පහත් බිම සිටි මිනිසුන් දෙස බලන්නාක් මෙනි.

(ජේතවනාරාමයේදී මහා කස්සප තෙරුන් අරභයා වදාළ ගාථාවකි.)

2.8. “අප්පමත්තෝ පමත්තේසු –
සුත්තේසු බහුජාගරෝ,
අබලස්සං’ව සීඝස්සෝ –
හිත්වා යාති සුමේධසෝ”
(අකුශල ක්‍රියාවන් හී යෙදීමෙන්) ප්‍රමාදී පුද්ගලයන් අතරෙහි අප්‍රමාදී වූ ද, කෙලෙස් නින්දෙන් නිදන පුද්ගලයන් අතරෙ හි නිදි දුරු කර සිටින්නා වූ ද යහපත් නුවණැති පුද්ගලයා, ශීඝ්‍ර ගමන් ඇති අශ්වයෙක් දුර්වල අසෙකු පසු කොට යන්නා සේ, ඒ ප්‍රමාදී පුද්ගලයන් පසු කොට (නිවණ ට) යයි. (ජේතවනාරාමයේදී යහළු භික්ෂූන් දෙනමක් අරභයා වදාළ
ගාථාවකි.)

2.9 අප්පමාදේන මඝවා
දේවානං සෙට්ඨතං ගතෝ
අප්පමාදං පසංසන්ති
පමාදෝ ගරහිතො සදා 

(වේසාලි – සක් දෙව් රජ ඇරබ)

කුශල ක්‍රියාවන් හී ප්‍රමාද නො වීම නිසා
ශක්‍ර තෙමේ දෙවියන්ගේ අධිපති බවට පැමිණියේ ය.
(එ බැවින්) පණ්ඩිතයෝ අප්‍රමාදය පසසත්.
ඔවුන් විසින් ප්‍රමාදය හැම කල්හිම ගර්හාවට භාජනය කරන ලදී.

2.10 අප්පමාදරතෝ භික්ඛු
සංයෝජනං අණුං ථූලං
ඩහං අග්ගීව ගච්ඡති


(ජේතවනාරාමය – භික්ෂුවක් අරබයා)

ප්‍රමාදයෙ හි භය දක්නා වූ අප්‍රමාදයෙ හි ඇලූණු,
මහණ තෙමේ සියුම් වූ, දළ වූ,
සසර බැමි දවමින් ගින්නක් සේ ගමන් කරයි.


2.11 අප්පමාදරතෝ භික්ඛු
පමාදේ භයදස්සිවා
අභඛ්බෝ පරිහානාය
නිබ්බාණස්සේව සන්තිකෙ
(ජේතවනාරාමය – නිගමතිස්ස තෙරුන් ඇරබ)

ප්‍රමාදයෙ හි භය දක්නා වූ,
අප්‍රමාදයෙ හි ඇලූණු භික්ෂු තෙමේ
(විදර්ශනාවෙන් හෝ මාර්ගඵලවලින්)
පිරිහෙන්ට පත්යෝ නොවේ.
හෙතෙම නිවණ සමීපයෙහි ම වෙයි,
(නිවන් ලැබීමට ළංවූයේ ම වෙයි)

Devider


03 චිත්ත වග්ගය

December 30, 2010

ධම්මපදය – 03 චිත්ත වග්ගය
සිත සහ සිතේ ස්වභාවය පිළිබද වදාළ ගාථා එකොළසකින් සමන්විත යි.
Image result for mind is forerunner


3.01 ඵන්දනං චපලං චිත්තං
දුරක්ඛං දුන්නිවාරයං
උජුං කරොති මෙධාවී
උසුකාරොව තෙජනං
(වාලිකා පබ්බතයෙදී-මේඝිය තෙරුන් අරබයා )

නුවණැති පුද්ගලයා එහා මෙහා පනින්නා වූ,
එක් තැනෙක නො නවතින්නා වූ,
රැකීමට අපහසු වූ, වැළැක්වීමට අපහසු වූ,
සිත ඇද හැර කෙළින් කරයි,
(කුමක් මෙන් ද?)
ඊතල සාදන්නා ඊයේ ඇද හැර සෘජු කරන්නාක් මෙනි.


3.02 වාරිජොව ථලෙ ඛිත්තො
ඔකමොකත උබ්භතො
පරිඵන්දති’දං චිත්තං
මාරධෙය්‍යං පහාතවේ
(වාලිකා පබ්බත – මේඝිය තෙරුන් අරබයා)

දියෙන් උඩට ගෙන ගොඩ දැමූ
මත්ස්‍යයකු දඟලන්නා සේ
මාරයාගේ බැමි කැඩීම සඳහා
(භාවනාවෙ හි) යෙදවූ
මේ සිත එහා මෙහා දඟලයි.

3.03 දුන්නිග්ගහස්ස ලහුනො
යත්ථකාමනිපාතිනො
චිත්තස්ස දමථො සාධු
චිත්තං දන්තං සුඛාවහං
(සැවැත්නුවර – මහණකු අරබයා)

නිග්‍රහයට පත් කිරීම අපහසු වූ,
ඉක්මන් ගමන් ඇත්තා වූ,
කැමැති තැනෙක එල්බගන්නා වූ
සිත දමනය කිරීම යහපති.
දමනය කළ සිත සැප එළවන්නේය

3.04 සුදුද්දසං සුනිපුණං
යත්ථ කාම නිපාතිනං
චිත්තං රක්ඛෙථ මෙධාවී
චිත්තං ගුත්තං සුඛාවහං
(සැවැත් නුවර – මහණකු අරබයා)

නුවණැත්තා රූපයක් නැති බැවින්
දැකීමට ඉතා අපහසු වූ, ඉතා සියුම් වූ,
කැමති කැමති අරමුණක වැටෙන්නාවූ,
සිත රකින්නේය.
එසේ රැකගත් සිත සැප එළවන්නේ ය.

3.05 දූරං ගමං ඒක චරං
අසරීරං ගුහාසයං
යෙ චිත්තං සඤඤ මෙස්සන්ති
මොක්ඛන්ති මාර බන‍්ධනා
(සැවැත්නුවර – භාගිනෙය්‍ය සංඝරක්ඛිත තෙරුන් අරබයා)

යම් කෙනෙක් බොහෝ දුර ගමන් කරන්නා වූ,
තනි ව හැසිරෙන්නා වූ,
ඇස ට පෙනෙන රූපයක් නැත්තා වූ,
හෘදය නමැති ගුහාවෙ හි වසන්නා වූ
සිත හික්මවත් ද, ඔවුහූ මාරයාගේ බැමි වලින් මිදෙත්.
(බොහෝ දුර තිඛෙන දෙයක් වුවත්
මොහොතක දී සිහිකරන බැවින්
සිත දුර ගමන් කරන්නෙකැ යි කියනු ලැබේ.)

3.06 අනවට්ඨිත චිත්තස්ස
සද්ධම්මං අවිජානතො
පරිප්ලවපසාදස්ස
පඤ්ඤා න පරිපූරති
(සැවැත්නුවර – චිත්තහත‍ථ තෙරුන් අරබයා)

එක් අරමුණක නො පිහිටෙව් සිතැති,
සත්‍ය ධර්මය නො දන්නා වූ,
චඤ්චල ශ්‍රද්ධා ඇති නොහොත්
ඉල්පීගිය ඉන්ද්‍රියයන් ඇති
පුද්ගලයා ගේ ප්‍රඥාව නො වැඩේ.

3.07 අනවස්සුත චිත්තස්ස
අනන්වාහතචෙතසො
පුඤ්ඤපාපපහීනස්ස
නත්ථි ජාගරතො භයං
(සැවැත්නුවර – චිත්තහත‍ථ තෙරුන් අරබයා)

රාගයෙන් තෙත් නො වූ සිතැති,
ද්වේශයෙන් දළ නො වූ සිතැති,
පින් පව් දුරු කළ,
කෙලෙස් නිදි නැති පුද්ගලයා ට (සසර) භයක් නැත.

3.08 කුම්භූපමං කායමිමං විදිත‍්වා
නගරූපමං චිත්තමිදං ඨපෙත‍්වා
යොධෙථ මාරං පඤ්ඤායුධෙන
ජිතං ච රකෙඛ, අනිවෙසනො සියා
(සැවැත්නුවර – විදශකි තෙරුන් අරබයා)

මේ කය මැටි භාජනයක් වැනි ය යි දැන,
මේ සිත (මනාසේ රැකි) නුවරක් මෙන් පිහිටුවා,
ප්‍රඥා නැමැති ආයුධයෙන් මාරයා හා යුද්ධ කරව්.
(එ සේ යුද්ධ කොට) දිනා ගත් දේ රැකගත යුතු යි.
(සිත එකඟකොට සමාපත්තියකට ඇතුල් වූ පමණින්)
සෑහීමට පත් නො විය යුතු යි.
(ශරීරය බිඳී යන මැටි බඳුනක් සේ අනිත්‍ය දැන, ඒ භාවනාව නිසා කෙලෙස් සතුරන්ට ළං විය නො හැකි බැවින් තමාගේ සිත සුරැකි නුවරක් මෙන් කොට කෙලෙස් සතුරන් හා යුද්ධ කළ යුතු ය යි දක්වන ලදී.)

3.09 අචිරං වත’යං කායො
පඨවිං අධිසෙස්ස ති
ඡුද්ධො අපෙතවිඤඤාණො
නිරත්ථං ව කලිංගරං
(සැවැත්නුවර – පූතිගත්ත තෙරුන් අරබයා)

මේ ශරීරය නොබෝ කලකින්
පහවගිය සිත් ඇති ව ඉවත දමන ලද්දේ
වැඩකට නැති දිරා ගිය ලීයක් මෙන්
පොළොවෙ හි නිදන්නේ ය.

3.10 දිසො දිසං යං තං කයිරා,
වෙරී වා පන වෙරිනං
මිචඡා පණිහිතං චිත්තං
පාපියො නං තතො කරෙ
(කෝසල – නන්ද ගෝපාලයා අරබයා)

යමෙක් සිය හතුරෙකු ට යම් අනර්ථයක් කරන්නේ ද,
වෛරකාරයා වෛරකාරයෙකු ට යම් අනර්ථයක් කරන්නේ ද,
වැරදි සේ පිහිටුවාගත් (තමා ගේ) සිත
එය ට වඩා දරුණු අනර්ථයක් තමා ට කරන්නේ ය.

3.11 න තං මාතා පිතා කයිරා,
අඤ්ඤ වා පි ච ඤාතකා,
සම්මා පණිහිතං චිත්තං
සෙය්‍යසො නං තතො කරෙ
(සැවැත්නුවර – සොරෙය්‍ය තෙරුන් අරබයා)

මනා සේ පිහිටුවාගත් සිත
තමා උසස් බවට පමුණුවයි.
ඒ පැමිණවීම මවුපියන් විසින්
හෝ අන්‍ය වූ නෑයන් විසින් හෝ නො කළ හැක්කකි.
(මවුපිය නෑයන් විසින් කළ හැකි යහපත ට වඩා යහපතක් මනා සේ පිහිටවු සිත නිසා සිදු වේ.)

Devider


04 පුප්ඵ වග්ගය

December 28, 2010

ධම්මපදය – පුප්ඵ වග්ගය.
පුෂ්ප උපමා කරගනිමින් දේශනා කොට වදාළ උතුම් ගාථාවන් දහසයකින් පුප්ඵ වග්ගය සමන්විත ය.

Related image

4.01 කෝ ඉමං පඨවිං විජෙස්සති
යමලෝකං ච ඉමං සදේවකං?
කෝ ධමමපදං සුදේසිතං
කුසලෝ පුප්ඵමිව පචෙස්සති?
(සැවැත් නුවර – පඨවි කථා ඇලුණු 500ක භික්ෂුන් අරබයා )

කවරෙක් මේ පොළොවත්,
දෙව්ලෝ සහිත සතර අපායත්,
තත්ත්වාකාරයෙන් දැනගනී ද?
කවරෙක් දක්ෂ මාලාකාරයකු මල් තෝරාගන්නා සේ,
මනා සේ දෙසූ ධර්මපදයන් අවබෝධ කරන්නේ ද?

4.02 සේඛෝ පඨවිං විජෙස්සති
යමලෝකං ච ඉමං සදේවකං
සෙඛෝ ධම්මපදං සුදේසිතං
කුසලෝ පුප්ඵමිව පචෙස්සති
(සැවැත් නුවර – පඨවි කථා ඇලුණු 500ක භික්ෂුන් අරබයා )

සේඛ පුද්ගලයා මේ පොළොවත්,
දෙව්ලෝ සහිත සතර අපායත්, තත්වාකාරයෙන් දැනගනී.
සේඛ පුද්ගලයා දක්ෂ මාලාකාරයකු මල් තෝරාගන්නා සේ
මනාසේ දෙසූ ධර්මපදයන් අවබෝධ කරයි.
(සේඛ පුද්ගලයා නම් සෝවාන් මග පල ලැබූ දෙදෙනා ද,
සකෘදාගාමී මග පල ලැබූ දෙදෙනා ද,
අනාගාමී මග පල ලැබූ දෙදෙනා ද,
රහත් මග පමණක් ලැබූ පුද්ගලයා ද, යන සත් දෙනයි.)

4.03 ඵේණූපමං කායමිමං විදිත්වා
මරීචිධම්මං අභිසම්බුධානො
ඡෙත‍්වාන මාරස්ස පපුප්ඵකානි
අදස්සනං මච්චුරාජස්ස ගච්ඡේ
(සැවැත් නුවර – මිරිඟුව කමටහන් ලෙස ගත් භික්ෂුවක් අරබයා )

මේ ශරීරය පෙණ පිඬක් මෙන් (වහා බිඳී යන්නකැ යි) දැන,
එය මිරිඟුව ට සමාන මායාවකැ යි අවබෝධ කොට
මල් සරයයි කියනු ලබන කෙලෙස් බැමි සිඳ දමා
ඔහු ට නො පෙනෙන තැන වූ නිවන ට යන්නේ ය.

4.04 පුප්ඵානි හෙ’ව පචින්නතං
බ්‍යාසත්තමනසං නරං
සුත්තං ගාමං මහොඝෝව
මච්චු ආදාය ගච්ඡති
(සැවැත්නුවර – විඩුඪහ කුමාරයා අරබයා )

කම් සැප විඳීම ට උවමනා දේවල් ම රැස් කරන්නා වූ,
ඒ කම් සැපයෙ හි විශේෂයෙන් ඇලූණු සිත් ඇති මිනිසා,
මහ ගං වතුරක් නිදා සිටින මිනිසුන් ඇති
ගමක් යට කරගෙන යන්නා සේ, මාරයා රැගෙන යයි.

4.05 පුප්ඵානි හෙ’ව පචින්නතං
බ්‍යාසත්තමනසං නරං
අතීත්තං යේව කාමේසු
අන්තකො කුරුතේ වසං
(සැවැත්නුවර – පතිපුජිකා අරබයා )

පඤ්චකාමයන් නැමැති මල් පමණක් රැස් කරන්නා වූ,
විශේෂයෙන් එ හි ඇලූණු සිත් ඇති මිනිසා
ඒ කාමයන් හී තෘප්තිය ට නො පැමිණ සිටි කල්හි ම
මාර තෙමේ තමා ගේ වසඟයට ගනී.

4.06 යථාපි භමරො පුප්ඵං
වණ්ණගන‍්ධං අහේඨයං
පලේති රසමාදාය
ඒවං ගාමේ මුනී චරේ
(සැවැත්නුවර – මසුරු කෝසයි සිටු අරබයා )

යම් සේ බමරෙක් (හෝ මීමැස්සෙක්)
මලක් වෙතට පැමිණ මලේ තිඛෙන
වර්ණයට හෝ සුවඳ ට හානියක් නොකොට
රොන් හා මල් පැණි රැගෙන යන්නේ ද,
එ මෙන් භික්ෂුතෙම ගමේ මිනිසුන් ට කරදර නොවන සේ
(ඔවුන් ට හානියක් නො කොට) ගමෙහි හැසිරෙන්නේ ය.

4.07 න පරේසං විලෝමානි
න පරේසං කතා කතං
අත්තනොව අවෙක්ඛෙය්‍ය
කතානි අකතානි ච
(සැවැත්නුවර – පඨිකාජීවක අරබයා )

අනුන් ගේ ක්‍රියාවල ගැළපෙන නො ගැළපෙන තැනුත්,
ඔවුන් කළ නො කළ දෙය ත්, නො බලන්නේ ය.
තමා ගේ ම කළ, නො කළ, දෙය ගැන විමසා බලන්නේ ය.
(අනුන්ගේ ඇද කුද හරිවැරදි නො සොයා
තමා ගේ ම ඇද කුද බැලිය යුතු ය.)

4.08 යථා පි රුචිරං පුප්ඵං
වණ්ණවන්තං අගන‍්ධකං
ඒවං සුභාසිතා වාචා
අඵලා හොති අකුබ්බතො.
(ඡත්තපාණි උවසු අරබයා )

මනොඥ වූ මලක් මනා පැහැයෙන් යුක්ත වුවත්
සුවඳ නැත්නම් නිශ්ඵල වන්නා සේ,
මනා සේ දෙසූ ධර්මය නො පිළිපදින්නා ට නිශ්ඵල වේ.

4.09 යථාපි රුචිරං පුප්ඵං
වණ්ණවන්තං සගන‍්ධකං
ඒවං සුභාසිතා වාචා
සඵලා හොති සකුබ්බතො
(ඡත්තපාණි උවසු අරබයා )

මනොඥ වූ පැහැය ඇති මල සුවඳීන් ද යුක්ත වී නම්
(එය පළඳීන්නා ගේ) සිරුර සුවඳවත් කරන්නා සේ
මනා සේ දෙසූ ධර්මය පිළිපදින්නා ඵල සහිත වේ.

4.10 යථා පි පුප්ඵරාසිම්හා
කයිරා මාලාගුණෙ බහූ
එවං ජාතේන මච්චේන
කත්තබ්බං කුසලං බහුං.
(සැවැත්නුවර – විශාඛාව අරබයා )

යම් සේ මල් දම් ගොතන්නෙක්
බොහෝ මල්වලින් බොහෝ වූ මල් මාලා සාදන්නේ ද,
එ මෙන් මෙ ලොව උපන් මිනිසා විසින්
බොහෝ කුසල් කළ යුතු ය.

4.11 න පුප්ඵගන‍්ධෝ පටිවාතමේති,
න චන‍්දනං තගර-මල්ලිකා වා,
සතං ච ගන‍්ධෝ පටිවාතමෙති,
සබ්බා දිසා සප්පුරිසෝ පවාති.
(සැවැත්නුවර – අනඳ තෙරුන් අරබයා )

මල් සුවඳ හෝ සඳුන්-තුවරලා-බෝලිද්ද මල්වල
සුවඳ හෝ උඩු සුළඟ ට නො යයි,
සත්පුරුෂයන් ගේ සිල් සුවඳ උඩු සුළඟ ට යයි,
සත්පුරුෂ තෙමේ හැම දිශාවන් හී
තමා ගේ සිල් ගුණ සුවඳ පතුරුවයි.

4.12 චන‍්දනං තගරං වාපි
උප්පලං අථ වස්සිකී
එතේසං ගන‍්ධජාතානං
සීලගන‍්ධෝ අනුත්තරෝ
(සැවැත්නුවර – අනඳ තෙරුන් අරබයා )

සඳුන් සුවඳය, තුවරලා සුවඳය,
මානෙල් සුවඳය, දෑසමන් සුවඳය,
යන යම් සුවඳ සමූහයක් වේ නම්
ඒ සියලූ සුවඳ වර්ගයන් ට වඩා සිල් සුවඳ ශ්‍රේෂ්ඨ යි.

4.13 අප්පමත්තෝ අයං ගන‍්ධෝ
යායං තගරචන‍්දනී
යො ච සීලවතං ගන‍්ධෝ
වාති දෙවේසු උත්තමො
(වේළුවන – මහ කසුප් තෙරුන් අරබයා )

තුවරලා හෝ සඳුන් පිළිබඳ වූ යම් සුවඳක් වේ නම්
එය අල්ප මාත්‍ර එකකි,
සිල්වතුන් ගේ යම් සුවඳක් වේ නම්
එය දෙව් ලෝවල ත් පැතිර යේ.

4.14 තේසං සම්පන්නසීලානං
අප්පමාදවිහාරිනං
සම්මදඤ්ඤ විමුත්තානං
මාරෝ මග්ගං න වින‍්දති
(වේළුවන – ගොධික තෙරුන් පරිනිර්වාණය අරබයා )

පිරූ සිල් ඇති, කුශල ධර්මයන් හි අප්‍රමාදී ව වසන,
මනා සේ ධර්මය අවබෝධ කොට කෙලෙසුන්ගෙන් මිදුණු,
ඒ උතුමන් ගිය මග මාරයා නො දකී.
(එය ඔහු ට සොයා ගත නො හැක.)

4.15 යථා සංකාරධානස්මිං
උජ්ඣිතස්මිං මහාපථේ
පදුමං තත‍්ථ ජායේථ
සුචිගන‍්ධං මනෝරමං,
මහ මග දැමූ කසල ගොඩක
යම් සේ මනා සුවඳති මන වඩන්නා වූ මල් හට ගනී ද ….

4.16 ඒවං සංකාරභූතේසු
අන‍්ධභූතේ පුථුජ්ජනේ
අතිරෝචති පඤ්ඤාය
සම්මා සම්බුද්ධ සාවකෝ
(ජේතවන – ගරහදින්නයන් අරබයා )
මහ මග දැමූ කසල ගොඩක
යම් සේ මනා සුවඳති මන වඩන්නා වූ මල් හට ගනී ද
එ මෙන් කසල ගොඩවල ට සමාන වූ
(නුවණැස් නැති බැවින්) අන්ධ වූ නූගත් මිනිසුන් අතරෙහි
සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ ගේ ශ්‍රාවක වූ
රහත් නම ප්‍රඥාවෙන් අතිශයින් බබළයි.
(මහ මග දැමූ කසල ගොඩක නෙළුම් මල් හට ගැනීමක් නැති බැවින් මෙ හි “පදුම” ය යි කියන ලද්දේ ගොඩ සෑදෙන මල් ගැන ය.)

Devider


05 බාල වග්ගය

December 27, 2010

ධම්මපදය – 05-බාල වග්ගය.
ඇසුර සඳහා සුදුසු නො වන බාලයන් පිළිබඳ වදාළ උතුම් ගාථාවන් දහසයකින් බාල වග්ගය සමන්විත යි.

5.01 දීඝා ජාගරතො රත්ති
දීඝං සන්නස්ස යෝජනං
දීඝො බාලානං සංසාරෝ
සද්ධම්මං අවිජානතං.
(ජේතවනය – රාජ සේවකයෙකු ඇරබ)

නිදිවරන්නා ට රාත්‍රිය බොහෝ දික් වූවක් සේ වැටහේ.
වෙහෙස ට පත්වූවහු ට යොදුන දික් වූවක් සේ වැටහේ.
සද්ධර්මය නො දන්නා වූ අඥානයන් ට සංසාරය දීර්ඝ වේ.

5.02 චරං චේ නාධිගච්ඡෙය්‍ය
සෙය්‍යං සදිසමත්තනො,
ඒකචරියං දළ්හං කයිරා,
නත‍්ථී බාලේ සහායතා.
(සැවැත් නුවර – මහකසුප් තෙරුන් ගේ සහවාසිකයකු ඇරබ)

කල්‍යාණ මිත්‍රයෙකු සොයන්නෙකුට
තමා ට වඩා ගුණ ධර්මයෙන් උසස් අයෙක්
හෝ තමා ට සමාන ශීලාදිය ඇත්තෙක් නො ලැබේ නම්,
තනිව හැසිරීම ස්ථීර ලෙස කළ යුතු ය.
අඥානයන් හා මිත්‍රවීම යෝග්‍ය නැත.

5.03 පුත්තා මත‍්ථී, ධනම්මත‍්ථී
ඉති බාලෝ විහඤ්ඤති,
අත්තා හි අත්තනෝ නත‍්ථී,
කුතෝ පුත්තා? කුතෝ ධනං?
(සැවැත්නුවර – අනඳ සිටු ඇරබ)

නුවණ මද පුද්ගලයා මට දරුවෝ ඇත,
මට ධනය ඇතැ යි සිතමින් වෙහෙසෙයි.
තමා ගේ ශරීරයත් තමා ට අයිති නැති කොට,
අයිති වූ පුත්‍රයෝ කොයින් ද? ධනය කොයින් ද?

5.04 යෝ බාලෝ මඤ්ඤති බාල්‍යං
පණ්ඩිතෝ වාපි තේන සෝ,
බාලෝ ච පණ්ඩිතමානී
ස වේ බාලෝති වුච්චති.
(ජේතවනාරාමය – ගැටකපන්නන් දෙදෙනෙකු ඇරබ)

යම් නුවණ මද අයෙක් තමා ගේ අඥානභාවය දනී නම්
ඒ දැනීම නිසා ඔහු ට පණ්ඩිතයෙකැ යි කිව යුතු වේ.
(තමා අඥානයෙකු බව වටහා ගත හැක්කේ
ස්වල්පයක් හෝ නුවණ ඇත්තෙකුටය.)
තමා උගතෙකැ යි සිතා සිටින අඥානයාට
ඒකාන්තයෙන් ම මෝඩයා ය යි කියනු ලැබේ.

5.05 යාවජිවම්පි චේ බාලෝ
පණ්ඩිතං පයිරුපාසති
න සෝ ධම්මං විජානාති
දබ්බී සුපරසං යථා
(ජේතවනාරාමය – උදායි තෙරුන් ඇරබ)

අඥානයා ජීවිතාන්තය දක්වා
පණ්ඩිතයකු ආශ්‍රය කළත් ධර්මය දැන නො ගනී.
කුමක් මෙන් ද? සැමදා ම ව්‍යඤ්ජන හැදිගාන හැන්ද
ඒ ව්‍යඤ්ජනවල රසය නො දන්නාක් මෙනි.

5.06 මුහුත්තම්පි චේ විඤ්ඤු
පණ්ඩිතං පයිරුපාසති
ඛිප්පං ධම්මං විජානාති
ජීව්හා සුපරසං යථා.
(ජේතවන – පාඨෙය්‍යක භික්ෂුන් ඇරබ)

නුවණැත්තෙක් ස්වල්ප වේලාවක්වත්
පණ්ඩිතයෙකු ආශ්‍රය කෙරේ නම්
වහා ම ධර්මය දැන ගනී. කුමක් මෙන් ද?
දිව ව්‍යඤ්ජන රසය වහා දැන ගන්නාක් මෙනි.

5.07 චරන්ති බාලා දුම්මේධා
අමිත්තේනේව අත්තනා
කරොන්තා පාපකං කම්මං
යං හෝති කටුකප්ඵලං
(වේළුවනාරාමය – සුප්පබුද්ධ කුට්ඨි ඇරබ)

දෙලොව යහපත නොදත් අඥානයෝ
නපුරු විපාක ගෙන දෙන අකුශල කර්ම කරමින්
සතුරෙකු ට සමාන වූ ආත්මය (තමා) හා හැසිරෙත්.
(අකුසල් කරන්නා තමා ම තමා ට සතුරකු කර ගනී.)

5.08 න තං කම්මං කතං සාධු
යං කත‍්වා අනුතප්පති,
යස්ස අස්සුමුඛො රෝදං
විපාකං පටිසේවති.
(ජේතවනාරාමය – ගොවියෙකු ඇරබ)

යම් ක්‍රියාවක් කොට පසුතැවිලි වන්නේ ද,
කදුලූ සහිත මුහුණෙන් යුතු ව විදින්නට වේද?
එබඳු දේ නො කළ මැනවි.

5.09 තං ච කම්මං කතං සාධු
යං කත‍්වා නානුතප්පති,
යස්ස පතීතෝ සුමනෝ
විපාකං පටිසේවති.
(ජේතවනාරාමය – සුමන මාලාකාර ඇරබ)

යම් ක්‍රියාවක් කොට පසුතැවිල්ලට පත් නො වේ ද,
යම් ක්‍රියාවක විපාකය ප්‍රීතියෙන් හා සතුටින් යුක්තව විඳීන්නේ ද,
ඒ ක්‍රියාව කළ සැටි යෙහෙකි.

5.10 මධුවා මඤ්ඤතී බාලෝ
යාව පාපං න පච්චති
යදා ච පච්චති පාපං
අථ බාලෝ දුක‍්ඛං නිගච්ඡති,
(ජේතවනාරාමය – උපුල්වන් තෙරණිය ඇරබ)

යම් තාක් තමා කළ පවුකම විපාක නො දේ ද,
ඒ තාක් අඥානයා ඒ පව් කම මී පැණි සේ මිහිරි කොට සලකයි.
යම් කලෙක ඒ පාපය විපාක දේ ද
එකල් හී ඒ මෝඩයා දුක ට පැමිණෙයි.

5.11 මාසේ මාසේ කුසග්ගේන
බාලෝ භූඤ්ජේථ භෝජනං
න සෝ සංඛතධම්මානං
කලං අග්ඝති සෝළසිං. 
(ජේතවනාරාමය – ජම්බුක ආජීවක ඇරබ)

සත්‍ය නො දත් පුද්ගලයා මසකට වරක්
කුසතණ අගින් (තවරා) ගෙන ආහාර අනුභව කරයි.
හෙතෙම චතුස්සත්‍යාවබෝධය කළ රහතන් ගේ
දහසයෙන් කොටසක් පමණවත් නො අගනේ ය.

5.12 න හි පාපං කතං කම්මං
සජ්ජු ඛිරංව මුච්චති
ඩහන්තං බාලමේන‍වති
භසමච්ඡන්නෝව පාවකෝ. 
(වේළුවනාරාමය – අභිප්‍රේතයකු ඇරබ)

කළා වූ පාප කර්මය
(දෙන ගේ තනය අල්වා ඇදි විගස)
කිරි නික්මෙන්නා සේ වහා විපාක නො දේ.
ඒ පාපය අළුවලින් වැසී තිඛෙන
ගිනි අඟුරු සේ අඥානයා දවමින්
ඔහු පසුපස්සේ ගමන් කරයි.

5.13 යාවදේව අනත‍්ථාය
ඤත්තං බාලස්ස ජායති
හන්ති බාලස්ස සුක්කංසං
මුද්ධමස්ස විපාතයං,
(වේළුවනාරාමය – සට්ඨිකූට ප්‍රේතයා ඇරබ)

අඥානයා උගත් දෙය ඔහුට අනර්ථ පිණිස ම පවතී.
එය ඔහු ගේ නුවණ නැමැති හිස බිම හෙලමින්
කුසල් කොටස හෙවත් යහපත් ගුණ වනසයි.

5.14 අසතං භාවනමිච්ඡෙය්‍ය
පුරෙක්ඛාරං ච භික‍්ඛුසු
ආවාසේසු ච ඉස්සරියං
පුජා පරකුලේසු ච.
(ජේතවනාරාමය – සුධම්ම තෙරුන් ඇරබ)

අධික ආශා ඇති භික්ෂු නම තමා කෙරෙහි නැති ගුණයන්
තමනට ඇතැයි ජනයා  කරන ව
ර්ණනාව කැමතිවෙයි,
භික්ෂුන් අතරෙහි ප්‍රධානත්වය ද
පන්සල්වල අධිපතිකම ද
නොයෙක් පවුල් වලින් පුද පූජා ද ලබන්ට කැමති වෙයි.

5.15 මමේව කතමඤ්ඤන්තු
ගිහි පබ්බජිතා උභෝ,
මමේව අතිවසා අස්සු
කිච්චා කිච්චේසු කිසමිචි
ඉති බාලස්ස සංකප්පෝ
ඉච්ඡා මානෝ ච වඩ්ඪති.
(ජේතවනාරාමය – සුධම්ම තෙරුන් ඇරබ)

ගිහි පැවිදි දෙපක්ෂයම (විහාරස්ථානයේ)
වැඩකටයුතු සියල්ල මා විසින් කරන ලදැ යි හගිත් වා
කුඩා, මහත් කටයුතුවල දී මාගේ ම අවවාදය සොයත් වා! යි
මෙ සේ නුවණ මද පුද්ගලයා ගේ
කල්පනාව ද කැමැත්ත ද මානය ද වැඩේ.

5.16 අඤ්ඤා හි ලාභූපනිසා
අඤ්ඤා නිබ්බාණගාමිනී
එවමේතං අභිඤ්ඤාය
භික‍්ඛු බුද්ධස්ස සාවකෝ
සක්කාරං නාභින්නේදය්‍ය
විවේකමනුබ්‍රෑහයේ.
(ජේතවනාරාමය – තිස්සවනවාසික තෙරුන් ඇරබ)

ලාභ උපදවන මාර්ගය අනිකකි,
නිවන් යන මග අනිකකි,
යන මෙය මෙ සේ දැන
බුද්ධ ශ්‍රාවක වූ භික්ෂුතෙමේ
ලාභ සත්කාරවල ට ගිජු නො වෙයි, විවේකය වඩයි.

Devider


06 පණ්ඩිත වග්ගය.

December 26, 2010

ධම්මපදය – පණ්ඩිත වග්ගය.
සත්පුරුෂයන් ගේ වටිනාකමත්, ඔවුන් ඇසුරු කිරිමේ වටිනාකම ත් පිළිබද වදාළ ගාථා දහහතරකින් යුක්ත යි. 

Image result for buddhist monks
6.01 නිධීනංව පවත්තාරං
යං පස්සේ වජ්ජ දස්සිනං
නිග්ගය්හවාදිං මෙධාවිං,
තාදිසං පණ්ඩිතං භජේ
තාදිසං භජමානස්ස
සෙය්‍යා හෝති න පාපියෝ.
(ජේතවනාරාමය – රාධ තෙරුන් අරබයා )

නිදන් ඇති තැනක් කියන්නෙකු මෙන්
යමෙක් අන්‍යයකු ගේ ඇති වරද පෙන්වයි ද,
ඒ වරද ට නිග්‍රහ කොට කථා කරයි ද,
එවැනි බුද්ධිමත් පණ්ඩිතයෙකු
සේවනය කරන්නහුට යහපතක් ම සිදු වේ.
අයහපතක් සිදු නො වේ.

6.02 ඕවදෙය්‍යනුසාසෙය්‍ය
අසබ්හා ච නිවාරයේ,
සතං හි සෝ පියෝ හෝති,
අසතං හෝති අප්පියො.
(ජේතවනාරාමය – අස්සජි පුනබ්බසුකයන් අරබයා )

යමෙක් අනුන්ට (මේ දේ නොකළ යුතු ය යි) අවවාද කෙරේද,
(මේ දේ කළ යුතු යයි) අනුශාසනා කෙරේ ද,
අසභ්‍ය වූ පව්කම්වලින් වළක්වයි ද,
ඒ පුද්ගලයා සත්පුරුෂයින් ට ප්‍රිය වේ,
අසත්පුරුෂයින් ට අප්‍රිය වේ.

6.03 න භජේ පාපකේ මිත්තේ
න භජේ පුරිසාධමේ
භජේථ මිත්තේ කල්‍යාණේ
භජේථ පුරිසුත්තමේ.
(ජේතවනාරාමය – ඡන්න තෙරුන් අරබයා )

පවිටු මිතුරන් සේවනය නො කරන්න,
පහත් අදහස් ඇති මිනිසුන් සේවනය නො කරන්න.
යහපත් ගුණ ධර්ම ඇති මිත්‍රයන් සේවනය කරන්න,
උසස් අදහස් ඇති මිනිසුන් ආශ්‍රය කරන්න.

6.04 ධම්මපීති සුඛං සේති
විප්පසන්නේන චේතසා
අරියප්පවේදිතේ ධම්මේ
සදා රමති පණ්ඩිතෝ. 
(ජේතවනාරාමය – මහා කප්පින තෙරුන් අරබයා )

දහම් රසය වළඳන තැනැත්තා
(කෙලෙස් කිලූටු නැති බැවින්)
ඉතා පැහැදුණු සිතින් සැප සේ නිදයි.
හෙවත් වාසය කරයි.
නුවණැති පුද්ගලයා හැම කල් හී
බුද්ධාදී ආර්යයන් දෙසු ධර්මයෙ හි ඇලේ.

6.05 උදකං හි නයන්ති නෙත්තිකා,
උසුකාරා නමයන්ති තේජනං
දාරුං නමයන්ති තච්ඡකා
අත්තානං දමයන්ති පණ්ඩිතා.
(ජේතවනාරාමය – පණ්ඩිත තෙරුන් අරබයා )

කුඹුරු ආදියට ජලය ගෙනියන තැනැත්තෝ
තමන් කැමති තැනකට (අගල් කපා ) දිය ගෙනයත්,
ඊ සාදන්නෝ තමන් කැමති සේ ඊතල සකස් කරත්.
වඩුවෝ තමන් කැමති පරිදි ලී නමත්,
නුවණැත්තෝ තුමූ ම තමන් හික්මවා ගනිත්,
හෙවත් තමන්ගේ සිත දමනය කරත්.


6.06 සේලෝ යථා ඒකඝනෝ
වාතේන න සමීරති,
එවං නින‍්දාපසංසාසු
න සමිඣ්ඣන්ති පණ්ඩිතා.
(ජේතවනාරාමය – ලකුණ්ටක භද්දිය තෙරුන් අරබයා )

යම් සේ සිදුරු නැති ගල් පර්වතයක්
සුළඟින්  කම්පා නො වේ ද,
එ මෙන් පණ්ඩිතයෝ නින්දා,
ප්‍රශංසා දෙක් හි කම්පා නො වෙත්.

6.07 යථාපි රහදෝ ගම්භීරෝ
විප්පසන්නෝ අනාවිලෝ
ඒවං ධම්මානි සුත‍්වාන
විප්පසීදන්ති පණ්ඩිතා. 
(ජේතවනාරාමය – කාණ මාතා අරබයා )

ගැඹුරු වූ, පැහැදුණු දිය ඇති,
නො කැළඹුණු විලක් මෙන්
පණ්ඩිතයෝ ධර්මය අසා
විශේෂයෙන් පහදිත්.
(ඔවුන් ගේ සිත් කෙලෙස්
කැළඹීම්වලින් තොර වෙත්.)


6.08 සබ්බත‍්ථ වේ සප්පුරිසා චජන්ති
න කාමකාමා ලපයන්ති සන්තෝ
සුඛේන ඵුට්ඨා අථවා දුඛේන
නොච්චාවචං පණ්ඩිතා දස්සයන්ති.
(ජේතවනාරාමය – හිඟන්නන්ට දොස් කී භික්ෂුව අරබයා )

සත්පුරුෂයෝ හැම දෙයෙහි ඇල්ම අත්හරිත්.
ඒ ඒ දේ ලබා ගැනීමේ ආශාවෙන් කථා නො කරත්,
නුවණැත්තෝ සැපයෙන් හෝ දුකින් යුක්තවූවාහු
උස් පහත් බවක් නො දක්වත්.

6.09 න අත්තහේතු, න පරස්ස හේතු,
න පුත්තමිච්ඡේ, න ධනං, න රට්ඨං,
න ඉච්ඡෙය්‍ය අධම්මේන සමිද්ධිමත්තනෝ,
ස සීලවා පඤ්ඤවා ධම්මිකො සියා.
(ජේතවනාරාමය – ධම්මික තෙරුන් අරබයා )

යමෙක් තමා නිසා හෝ අනුන් නිසා හෝ
පව්කම් නො කරන්නේ නම්,
වැරදි මගින් පුතකු හෝ ධනය හෝ රටක් හෝ නො කැමති වන්නේ නම්, අධර්මයෙන් තමා ගේ අභිවෘද්ධිය බලාපොරොත්තු නො වන්නේ නම් හෙතෙම සිල්වතෙක්, බුද්ධිමතෙක්, ධාර්මිකයෙක් වන්නේ ය

6.10 අප්පකා තේ මනුස්සේසු
යේ ජනා පාරගාමිනෝ
අථායං ඉතරා පජා
තීරමේවා නුධාවතී.
(ජේතවනාරාමය – ධම්ම ශ්‍රාවකයෙක් අරබයා )

(සසර සයුරේ) පරතෙරට යන්නෝ
මිනිසුන් අතරෙහි දුර්ලභ වෙති (ස්වල්ප දෙනෙකි),
අන්‍ය වූ වැඩි දෙනා මෙතෙර අනුව ම දුවත්.

6.11 යේ ච ඛෝ සම්මදක‍්ඛාතේ
ධම්මේ ධම්මානුවත්තිනෝ,
තේ ජනා පාරමෙස්සන්ති
මච්චුධෙය්‍යං සුදුත්තරං. 
(ජේතවනාරාමය – ධම්ම ශ්‍රාවකයෙක් අරබයා )

යම් කෙනෙක් මනා සේ දෙසූ ධර්මයෙහි හැසිරේද,
ධර්මය ට අනුව පිළිපදිත් ද,
ඒ පුද්ගලයෝ එතෙර වීම අපහසු වූ
මාරයාට අයත් පෙදෙස ඉකුත් කොට පරතෙරට යත්.

6.12 කණ්හං ධම්මං විප්පහාය
සුක්කං භාවේථ පණ්ඩිතෝ
ඕකා අනෝකං ආගම්ම
විවේකේ යත‍්ථ දූරමං

6.13 තත්‍රා භිරතිමිච්ඡෙය්‍ය
හිත‍්වා කාමේ අකිඤ්චනෝ
පරියෝදපෙය්‍ය අත්තානං
චිත්තක්ලේසේහි පණ්ඩිතෝ
(ජේතවනාරාමය – 500ක් වහන්දෑ අරබයා )

නුවණැත්තා අකුසල් දුරු කොට කුසල් වඩන්නේ ය. ගිහි ගෙයින් නික්ම අනගාරික බව ට පත් වූ පුද්ගලයා විසින් යම් විවේකයෙක් හි (කෙලෙසුන් ගෙන් මිදීමෙ හි) සිත ඇලවීම අපහසු ද, එ හි සිත ඇලවිය යුතු යි. නුවණැත්තා වස්තුකාම ක්ලේශකාමයන් දුරු කොට, තමා අයත් කිසි දෙයක් නැත්තෙක් ව, සිත කිලිටි කරන ධර්මවලින් තමා ගේ සිත සම්පූර්ණයෙන් පිරිසිදු කරයි.

6.14 යේසං සම්බෝධිඅංගේසු
සම්මා චිත්තං සුභාවිතං,
ආදානපටිනිස්සග්ගේ
අනුපාදාය යේ රතා,
ඛීණාසවා ජුතීමන්තෝ
තේ ලෝකේ පරිනිබ්බුතා.
(ජේතවනාරාමය – 500ක් වහන්දෑ අරබයා )

යම් කෙනෙකු ගේ සිත චතුස්සත්‍යාවබෝධයට උපකාර වූ ධර්මයන් කෙරෙහි මනා සේ වඩන ලද්දේ ද, යම් කෙනෙක් (මම ය මාගේ ය යි සිතා) ගත් දෙය අත් හැරීමෙහි, කාමුපාදානාදිය දුරු කොට, නොඇලූනාහුද, ක්ෂය වූ ආශ්‍රව ඇති ආනුභාව සම්පන්න වූ ඒ උතුමෝ ලෝකයෙ හි පිරිනිවියාහු හෙවත් කෙලෙස් ගිනි නිවාගත්තෝ වෙත්.

Devider


07- අරහන්ත වග්ගය.

December 25, 2010

ධම්මපදය – 07-අරහන්ත වග්ගය.
රහතන් වහන්සේලා ගේ ගුණයන් පිළිබද වදාළ ගාථා දහයකින් යුක්තයි.
Image result for enlightened monks

7-1-ගතද්ධිනො විසොකස්ස
විප්පමුත්තස්ස සබ්බධි
සබ්බ ගන්ථප්ප හීනස්ස
පරිළාහො න විජ්ජති.
(ජීවකම්බවත -ජීවක වෙදදුරන් අරබයා )

සසර ගමන අවසන් කළ,
සියළු ශෝකයන් දුරුකලාවූ ,
සියළු  ආකාරයේ කෙලෙසුන් ගෙන් මිදුනා වූ,
සියළු සසර වෙළුම් ලිහා ලු  උතුමාට
සිතේ දැවිල්ලක් නැත.


7-2 උය්‍යුක‍දජන්ති සතීමන්තො,
න නිකෙතෙ රමන්ති තෙ
හංසාව පල්ලලං හිත‍්වා
ඔකමොකං ජහන්ති තෙ
(වේළුවනාරාමය – මහකසුප් තෙරුන් අරබයා )

සිහි ඇත්තෝ ධ්‍යානභාවනාදියෙහි යෙදෙත්,
ඔවුහූ වාසස්ථානයෙහි නො ඇලෙත්,
විල හැර යන හංසයින් මෙන්
ඔවුහූ හැම තැනක් ම හැර දමත්.

(මෙහි වාසස්ථානය යි කියන ලද්දේ පඤ්චකාමය යි
විල හැර යන හංසයෝ එහි පියුම් ආදියෙහි ආශාවක් තබාගෙන නොයත්.)

7.3 යෙසං සන්නිචයො නත‍්ථී,
යෙ පරිඤ්ඤාතභොජනා,
සුඤ්ඤතො අනිමිත්තෙච
විමොක්ඛො යස්ස ගොචරො,
ආකාසෙව සකුන්තානං
ගති තෙසං දුරන්නයා.
(ජේතවනාරාමය – ඛෙල්ලට්ඨීසීස තෙරුන් අරබයා )

යම් කෙනෙකු ගේ ආහාර වස්ත්‍රාදිය රැස් කිරීමක් නැද්ද,
යම් කෙනෙක් ආහාරයා ගේ තත්ත්වය පිරිසිද දනිත් ද,
යම් කෙනෙකුන්ට
(රාග ද්වේශාදියෙන් ශුන්‍ය බැවින්) සුඤ්ඤත නම් වූත්
(රාගාදි නිමිති නැති බැවින්) අනිමිත්ත නම් වූත් නිවණ අරමුණු වේ ද, ඔවුන් ගේ ගමන හෙවත් ඔවුන් ගිය තැන නො දත හැකි ය.
කුමක් මෙන් ද? අහසෙහි පියඹන පක්ෂීන්ගේ ගමන් මග නො සෙවිය හැකිවාක් මෙනි.

7-4- යස්සාසවා පරික්ඛීණා,
ආහාරෙ ච අනිස්සිතො,
සුඤ්ඤතො අනිමිත්තො ච
විමොක්ඛො යස්ස ගොචරො,
ආකාසෙව සකුන්තානං
පදං තිස්ස දුරන්නයං
(වේළුවනාරාමය – අනුරුද්ධ තෙරුන් අරබයා )

යමෙකු ගේ කාමාදී ආශ්‍රවයෝ ගෙවී ගියාහු ද,
යමෙක් ආහාරයෙ හි නො ඇලූනේ ද,
සුඤඤත-අනිමිත යන නම් ඇති නිවණ යමෙකුට අරමුණු වේද,
ඔවුන්ගේ උප්පත්තිය
අහසෙහි යන පක්ෂීන්ගේ පිය සටහන්
නොදැක්ක හැකිවාක් මෙනි.

7.5 යස්සින‍්ද්‍රියානි සමථං ගතානි
අස්සා යථා සාරථීනා සුදන්තා,
පහීනමානස්ස අනාසවස්ස
දෙවාපි තස්ස පිහයන්ති තාදිනො
(පූර්වාරාමය – මහා කච්ඡායන තෙරුන් අරබයා )

දක්ෂ රියදුරකු  විසින් මනා සේ හික්මවන ලද අසුන් මෙන්
යමෙකු ගේ (ඇස ආදී) ඉන්ද්‍රියයෝ සන්හුන් බවට පත් වූවාහුද,
මාන 
දුරු කළා වූ, කාමාදී ආශ්‍රාව රහිත,
අටලෝ දහමින් කම්පා නො වන ස්වභාව ඇති
ඔහුට දෙවියෝ ත් ප්‍රිය කෙරෙත්.


7.6 පඨවීසමො නො විරුජ්ඣති,
ඉන‍්දඛිලුපමො තාදි සුඞ්ඛතො
රහදොව අපෙතකද්දමො,
සංසාරා න භවන්ති තාදිනො.
(ජේතවනාරාමය – සැරියුත් තෙරුන් අරබයා )

යමෙක් මහ පොළොව මෙන් සංග්‍රහ නිග්‍රහ දෙක්හි සමව සිටීද ,
නුවර දොරටුවෙහි සිටෙව් ඉන්ද්‍ර කීලය නම්  කණුව මෙන්
(නින්දා ප්‍රශංසාවන් හි) නොසෙල්වේ ද, ඒ නිසාම තාදී ගුණ ඇති,
මනා පැවතුම් ඇති හෙතෙම (කෙලෙස් මඩ නැති බැවින්)
පහවූ මඩ ඇති විලක් මෙන් පවතී.
එවැන්නාට සසර ඇවිදීමක් නැත.

7.7 සන්තං තස්ස මනං හොති,
සන්ති වාචා ච කම්ම ච
සම්මදඤ්ඤා විමත්තස්ස
උපසන්තස්ස තාදිනො. 
(ජේතවනාරාමය – තිස්ස තෙරුන් ගේ හෙරණකු අරබයා )

ආය්‍යසත්‍යයන් මනා සේ දැන කෙලෙසුන් ගෙන් මිදුණු,
(රාගාදී කෙලෙස්වලින් දැවිල්ලක් නැති බැවින්) නිවුනාවූ,
අටලෝ දහමෙහි කම්පා නොවන ස්වභාව ඇති,
ඒ රහතන් වහන්සේ ගේ සිත ශාන්ත වේ.
උන්වහන්සේ ගේ වචනයත් ක්‍රියාවත් ශාන්ත වේ.

7.8 අස්සද්ධො අකතඤ්ඤු ච
සන‍්ධිච්ඡෙදො ච යො නරො
හතාවකාසො වන්තාසො
ස චෙ උත්තම පොරිසො. 
(ජේතවනාරාමය – සැරියුත් තෙරුන් අරබයා )

යමෙක් අනුන් යමක් කී පමණින් නො අදහා
තෙමේම ප්‍රත්‍යක්‍ෂයෙන්ම දැන ගනී ද,
සංස්කරණයක් නැති නිවන දනී ද,
සසර ඉපදීම සිඳ දමයි ද,
නැවත ඉපදීමට ඇති අවකාශය දුරු කළ
සියලු ආශාවන් වමාරා දැමූ හෙතෙම
ඒකාන්තයෙන් උතුම් පුද්ගලයෙකි.

7.9 ගාමෙ වා යදි වා රඤ්ඤො
නින්නෙ වා යදි වා ථලෙ
යත‍්ථ අරහන්තො විහරන්ති,
තං භූමිං රාමණෙය්‍යකං.
(ජේතවනාරාමය – ඛදිරවනිය රේවත තෙරුන් අරබයා )

යම් ගමක හෝ වනයක හෝ
මිටියාවතක හෝ කඳු සිඛරයක හෝ
රහතන් වහන්සේ වෙසෙත් ද,
ඒ ස්ථානය රම්‍ය භූමියකි.

7.10 රමණීයානි අරඤ්ඤානි
යත‍්ථ න රමතී ජනො,
වීතරාගා රමෙස්සන්ති,
න තෙ කාමගවෙසිනො.
(ජේතවනාරාමය – ස්ත්‍රියක් අරබයා )

ලෞකික ජනයා කැලෑ වනයන්හී 
සිත්කළු බවක් නොදකී.
රාග දුරු කළෝ කම්එ සැප නොපතන හෙයින්
එබඳු  
තැන් හී  සිත් අලවා වසන්නෝය.

Devider